20 ගැන සාකච්ඡා කරන පක්ෂ නායක රැස්වීම ඇරඹේ

Published in පුවත්
Monday, 22 June 2015 13:20

විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබේ.

හෙට දිනයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ලබාගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වන අතර ගැසට්කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරේ.

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 237 ක් ලෙස යෝජනා කර තිබේ.

සුළු පක්ෂවල මතය වී ඇත්ත‍ේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 255 දක්වා ඉහළ දැමිය යුතු බවය.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයින්ට ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදිය යුතු බවටද මුස්ලිම් කොංග්‍රසය පසුගියදා යෝජනා කළේය.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලූ සුළු පක්ෂවල නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවුයේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us