පළමු සඳ ගමන ගැන රුසියාවෙන් පරීක්ෂණයක්

Published in අනං මනං
Monday, 22 June 2015 13:54

ඇමරිකාව විසින් ලොව පළමු වරට 1969දී හඳ වෙත ගමන් කරනවා. මෙය ලෝක ඉතිහාසයේ විශේෂ සිදුවීමක් ලෙස සැළකුණත් මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වෙනවා.

බොහෝ විවේචනවලින් පැවසන්නේ ඇමරිකාව හඳට නොගිය බව සහ ඔවුන් විසින් රඟපෑමක් සිදු කර ඇති බව. මේ පිළිබඳ විවිධ සාක්ෂි  පවා ඔවුන් ඉදිරිපත් කරනවා.

ඇමරිකාව විසින් සිදු කරපු පළමු හඳ ගමන ගැන රුසියාව පරීක්ෂණයක් සිදුකරන්න ලක ලෑස්ති වෙනවා. අපි හැමෝම දන්නා පරිදි ඇමරිකාව හා රුසියාව අතර තියෙන්නෙ  එතරම් හොඳ සම්බන්ධයක් නෙමෙයි.

මේ පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රකාශක මාකින් පවසන්නේ මෙවැනි පරීක්ෂණයක් හරහා සඳ ගමන පිළිබඳ අලුත් පැතිකඩක්  එළිදරව් වෙනු ඇති බවයි.  එසේම ඔහු පවසන පරිදි ඇමරිකාව හඳට නොගිය බව පැවසීමට ඔවුන් උත්සහ නොගනියි.

රුසියාව සැරසෙන්නේ පළමු සඳ ගමන පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. මාර්කින් පවසන පරිදි සඳ ගමනට අදාළ තොරතුරුවල මුල් පිටපත් අතුරුදන්වීම සහ හඳෙන් ගෙන ආ පාෂාණ පිළිබඳ  විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වෙනවා.

එම තොරතුරු අතුරුදන්වීම බරපතල අපරාධයක් බව රුසියාව පවසයි. එසේම මේ පරීක්ෂණ හරහා ඇත්තටම කුමක් සිදු වුනි දැයි අනාවරණය  කරගැනීමට හැකි වෙනු ඇති බව මාර්කින් පවසනවා.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් නාසා ආයතනය අසතුටින් පසුවන බව පැවසේ. 2009 වර්ෂයේ සඳ ගමනේ වීඩියෝව ඇතුලත් මුල් පිටපත විනාශ කරනු ලැබුවා. එයට හේතුව වශයෙන් ඉදිරිපත් වුවේ එය නඩත්තු කිරීම සඳහා අධික මුදලක් වැයවෙන බවයි.

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us