බිරිඳ සිපගන්න ඉල්ලා සැමියා නඩු කියයි

Published in අනං මනං
Monday, 22 June 2015 11:52

මහලු වයස ආදරය රැකවරණය වැඩිපුර අවශ්‍ය කාලයක්. තමන්ගෙ ආදරය වෙනුවෙන් නඩු කියන්න එංගලන්තයේ ඩර්බි නගරයේ ජීවත්වෙන 84 හැවිරිදි තෝමස් මිඩ්ල්ටන් ලෑස්ති වෙනවා.

ඔහුට  අවශ්‍ය වෙලා තියෙන්නෙ එයාගේ බිරිඳ සිප ගැනීමේ අයිතිය විතරයි. ඒ අයිතිය අහිමි කිරීම වෙනුවෙන් නඩු කියන්න ඔහු සුදානම් වෙනවා.

ඔහුගේ බිරිඳ පාකින්සන් රෝගයට සහ මානසික රෝගයකට ගොදුරු වීම හේතුවෙන් සත්තු නිවාසයක වසර ගණනාවක් පුරා  ප්‍රතිකාර ගන්නා බව පැවසෙනවා.

බිරිඳ බැලීමේදී අනුගමනය කළ යුතු නීති රීති මාලාවක් ඇතුලත් ලියවිල්ලකට අත්සන් ලබාගත් බව තෝමස් පවසනවා. එම නීති රීතිවලට බිරිඳ නිරන්තරයෙන් සිපගැනීමත් තහනම් වෙනවා.

බිරිඳ බලාගැනීමට යාමේදී ඔහුට අවසර ලැබෙන්නේ හමුවීමේදී සහ සමුගෙන ඒමේදී සිපගනිමට පමණයි.

එසේම තම බිරිඳ සහ තමන් මුණගැසෙන මොහොතේ සාත්තු නිවාසයේ සේවකයෙක් නිරන්තරයෙන් රැඳී සිටීම හේතුවෙන් තමන්ගේ පෞද්ගලිකත්වය අහෝසි වන බව ඔහුගේ අදහසයි.

තෝමස් පවසන්නේ තම බිරිඳ මේ ආකාරයට තමන්ගෙන් වෙන්කර තැබීම අසාධාරණ බවත් ඒ හේතුව නිසා තමන් ඉතා පීඩනයෙන් පසුවන බවයි.

thomas1

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us