මුජාගේ තටාකයේ ශිරන්ති පීනුවා-රන්ජන්(audio)

Published in පුවත්
Friday, 19 June 2015 15:14

පසුගිය රාජපක්ෂ අාණ්ඩුව විසින් සිදු කළ වංචා දූෂණ නිමක් නැති බව රන්ජන් රාමනායක මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රාජපක්ෂ පුතුන් ලැම්බෝගිනි පාවිච්චිකළ අාකාරය තමන් හොදින් දන්නා බවත් ඔහු පැවසුවේය.

හවුස් ඔෆ් ෆැෂන් එක අසල ෂෝරූම් එකක අැති ලැම්බෝගිනි 3 රාජපක්ෂ පුතුන්ගේ බවත් මේ එකකටවත් බදු ගෙවා නැති බවත් පැවසුවේය.එක් වාහනයකට කෝටි හයක් බැගින් බදු ගෙවිය යුතු වූවත් ඒ එකකටවත් බදු ගෙවා නොමැති බවත් කීවේය. මේවා ගෙන්වූයේ ලෝරන්ස් නම් මයිකේ‍රා් අයිතිකරු හරහා බවත් අද වන විට රාජපක්ෂ පුතුන්ගේ ලැම්බෝගිනි මුජා නම් කුඩු ව්‍යාපාරිකයාගේ මැලේසියාවේ නිවසට යවා අැති බවට රාවයක් පවතින අතර මේ ගැන සොයාබැලිය යුතුව පවතින බවත් සදහන්කළේය.

පසුගිය කාලයේ අරලිය ගහමන්දිරයට බුරියානි සැපයූ මුජ්ටාග් බායි යනු කුඩු ව්‍යාපාරිකයෙක් බවත් ඔහු සෙල්වම් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා බවත් පැවසුවේය.සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ මෙම සෙල්වම් චිත්‍රපටයේ අන්තර්ගතය වන්නේද යාපනයේ කොලු ගැටයෙක් මහින්ද රාජානම් රජාට වහවැටී ඔහු සොයා කොළඹට පැමිණීමය.

රාජපක්ෂ පවුල මේ මුජාගේ දැඩි මිතුරන් බවත් හිටපු ජනපති අාර්යාව ශිරන්ති රාජපක්ෂ පවා මුජාගේ නිවෙස්වල අැති පිහිනුම් තටාකවල පිහිනූ බවත් අැය මෙන්ම යෝෂිත,නාමල් සහ චිචී පවා මුජාගේ තටාකයේ පිහිනූ අය බව පැවසුවේය.

මෙම කරුණු කාරණා සියල්ල සත්‍ය බවත් මේවා මඩ ප්‍රචාර නොවන බව රාමනායක මහතා පැවසුවේය.මේවා පැවසුවාට තමාට විරුද්ධව නඩු පැවරුවද තමා බය නැති බවත් මේ සියලු සත්‍ය ඔප්පුකළ හැකි බවද පැවසුවේය.

කිසිදු රැකියාවක් නොකළ රාජපක්ෂගේ බාල පුතා රත්රන් අශ්වයින් පදිමින් පෙම්වතිය සමග විනෝද වූ බවත් හෙලිකොප්ටරයකින් රත්මලානේ සිට නුවරඑළියට ගොස් අශ්වයින් පැද අාපසු සවසට නිවසට ඒමට පවුම් 10 ක වියදමක් වැයවූ බවත් පැවසුවේය.ඔහු චීන රජයේද සහාය අැතිව ජනතා මුදලින් රොකට් පවා යැවූ බවත් ඒ පිළිබද මිල ගණන් තවම දැනුම්දී නැති බවත් පැවසුවේය.

ඩුබායිහි මැරියට් හෝටලයේ කොටස් හිමිකරුවන් 17 ක් සිටින බවත් මෙයින් එක් අයෙක් යෝෂිතගේ පෙම්වතියක් වන අතර මෙහි කොටස් හිමිකාරියක් වීම සදහා සදහා අැය ඩොලර් මිලියන 49ක් මුදලක් අායෝජනය කර අැති අතර මේ පිළිබද කරුණු සොයමින් පවතින බව පැවසුවේය.

රාජපක්ෂ පවුල හා ඔවුන්ට සම්බන්ධ අය කෝටිපතියන්,බිලියනපතියන් හා ට්‍රිලියනපතියන් වූයේ ජනතා මුදල් විනාශකර දමමින් බවත් මෙම කාරණා සියල්ල සත්‍ය බැවින් ඔ්නෑම අවස්ථාවක මේ පිළිබද විවාදයකට එන්නැයි තමා අභියෝග කරන බවත් රාමනායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

හඩපටය පහතින්

{soundcloud}https://soundcloud.com/lankadaily/ranja2015-06-18-111852{/soundcloud}

Last modified on Friday, 19 June 2015 15:27

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us