අධි සාන්ද්‍ර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතල් 1500ක් ‍අල්ලයි

Published in පුවත්
Friday, 19 June 2015 14:58

අධික සාන්ද්‍රණයෙන් යුතු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතල් 1500ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සොයාගෙන තිබේ. මේවාමාලබේ ප්‍රදේශයේ ඖෂධ සමාගමකින් නිෂ්පාදනය කර වෙළඳපළට බෙදාහැර අැත.

අදාළ ඖෂධ වර්ගය සොයාගෙන අැත්තේ පාරිභෝගික පැමිණිල්ලක් මත සිදුකළ සෝදිසියකදීය.

අදාළ ඖෂධ වර්ගය භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවිය හැකි බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන එම ඖෂධ වර්ගය මුඛය සේදීම, කණේ ආබාධ සඳහා භාවිත කළ හැකි බවට සඳහන් කර තිබෙන අතර එය භාවිත කිරීමෙන් පිළිස්සුම් තුවාළ ඇතිවිය හැකි බව එම අධිකාරිය පැවසුවේය.

මෙම අධි සාන්ද්‍රණයෙන් යුතු අදාළ ඖෂධය වහාම වෙළඳපොලෙන් ඉවත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ සමාගමට දැනුම් දී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us