සජින්ගේ ඇප අයදුම කල් යයි

Published in පුවත්
Friday, 19 June 2015 14:38

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ ඇප පෙත්සම ජූලි මස 03වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සජීන් වාස් විසින් මෙම අැප පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේය.

සජීන් වාස් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා රෝගී තත්වයෙන් පෙළෙන බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි.

එහිදී මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට දැනුම්දෙන ලෙස කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.

පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 03වනදා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් මහාධිකරණය එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව ඇප ලබාදීම පිළිබඳ තීරණය කරන බව ප්‍රකාශ කර අැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us