විදේශ ඇමති ජපන් සංචාරය අරඹයි

Published in පුවත්
Wednesday, 17 June 2015 15:15

අද(17) සිට ලබන 20 වන දින දක්වා විදේශ ඇමති මංගල සමරවීර මහතා ජපානයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකා මහේෂනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ (17)පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

නව රජය පත්වීමෙන් පසුව මංගල සමරවීර මහතා නිරතවන පළමු ජපන් සංචාරය මෙය බවත් මෙය ටෝකියෝ නගරයට පමණක් සීමාවූ සංචාරයක් බව සදහන් කළාය.

ජපාන විදේශ අමාත්‍යවරයාගේ ආරාධනයක් අනුව මෙම සංචාරය සිදු කරන බවත් මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ජපාන විදේශ ඇමතිවරයා සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමය.

ඊට අමතරව ජපානයේ අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන කටයුතු පිළිබද ඇමති,ජෙයිකා ආයතනයේ සභාපතිතුමා,ජපාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා හා එහි ජ්‍යෙෂ්ඨ සමාජිකයින් හමුවත්,ජාපාන විදේශ වෙළද සංගමයේ සභාපතිතුමා ,ජපාන ශ්‍රී ලංකා සංගමයේ හිටපු සභාපති,සහ ජපාන හිටපු අගමැතිවරයෙකු හමුවීමටද සැලසුම් කර තිබේ.

ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ සාමාජික සමාගම්වල නිලධාරීන්ද හමුවීමට නියමිත අතර දැනට ශ්‍රී ලංකාවට ආයෝජනය කරන හා අනාගත ආයෝජකයින් හමුවී සකච්ඡා සිදු කිරීමට නියමිතය.

ජූලි 19 වන දා ජපානයේ ජාතික මාධ්‍ය සමාජයේ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිත අතර 21 වනදා සවස ජපාන අගමැති ෂින්ෂෝ අබේ මහතාව මුණගැසීමට නියමිතය.

අනතුරුව පැවැත්වෙන සම්මන්ත්‍රණයේදී ප්‍රජාතන්ත්‍රීකරණය සහ සංහිදියාව පිළිබද ශ්‍රීලංකාවේ අත්දැකීම් පිළිබද විදේශ ඇමති මංගල සමරවීර මහතා අදහස් දැක්වීමට නියමිතය.

ජපානයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික ආධාර ගිවිසුම් දෙකකටද මෙහිදී අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව ඇය සදහන් කළාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us