ඉන්දියාව හා ලංකාව අතර ගමනාගමන සේවයක් අරඹයි

Published in පුවත්
Wednesday, 17 June 2015 13:17

ඉන්දියාව හා ලංකාව අතර බස් දුම්රිය සේවාවක් ඇති කිරීමට ඉදිරියේදී කටයුතු සිදු කරන බව ඉන්දීය මධ්‍යම රජයේ මහාමාර්ග අමාත්‍ය නිට්ටික් කට්කාරි මහතා පවසා ඇත.

ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු උමං මාර්ගයක් ඉදිකිරීමෙන් සහ මුහුද හරහා පාලමක් තැනීමෙන් මෙම මාර්ග පද්ධති ඉදිකිරීමට කටයුතු කරන බව ඔහු පවසා සිටියේය.

නිට්ටික් කට්කාරි පවසන්නේ ලංකාවේ සීමාව සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි අතර දුර කිලෝමීටර් 23ක් පමණ වන බැවින් මෙම මුහුදු පාලම සාර්ක් රටවල් අතර ගමනාගමනයට උදව් වෙනු ඇති බවයි. ඉන්දියාවේ රාමේශ්වරම්වල පිහිටි ධනුෂ්කොඩි නගරය සහ ඉන්දියාවට ළඟම ලංකාවේ ප්‍රදේශය ලෙස සැළකෙන තලෙයිමන්නාරම අතර දුර කිලෝමීටර් 29ක් පමණ වේ.

ෆොර්ක් සමුද්‍ර සන්ධිය හරහා ඉදිකෙරෙන මාර්ගය සහ දුම්රිය මාර්ගය ඇතුලත් පාලම ඉදිකිරීමට අදාළ යෝජනා ආසියානු සංවර්ධන බැංකුව වෙත ලබාදී ඇතැයි වාර්තා වේ. මෙම මුහුදු මාර්ගය සඳහා රුපියල් කෝටි 23000ක් වැය වෙතැයි ගණන් බලා ඇත.

india-sea road1

Last modified on Wednesday, 17 June 2015 13:29

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us