හිසකට වෙනත් සිරුරක් බද්ධ කෙරෙන ලොව පළමු ශල්‍ය කර්මය

Published in අනං මනං
Monday, 15 June 2015 13:56

තිස් හැවිරිදි Valery Spiridinov නම් රුසියානු ජාතිකයා සිය හිස වෙනත් කෙනෙකුගේ ශරීරයකට බද්ධ කිරීම සඳහා සූදානමින් සිටින බව විදෙස් ප්‍රකාශ කර සිටිනවා. Werdnig Hoffman නම් රෝගී තත්වයෙන් පෙළෙන ඔහු මාංශ පේශී ක්ෂය වීම නිසා කායිකව දුබල තත්වයක සිටින රෝද පුටුවකට කොන්ව සිටින පුද්ගලයෙක්.

මේ හේතුවෙන් තම මොළය සහ හිස වෙනත් ශරීරයකට බද්ධ කරගන්න ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්වීමට වැලරි සිය කැමැත්ත පළකර සිටිනවා. ඉතාලි ජාතික ස්නායු වෛද්‍යවරයෙක් වන Sergio Canavero පවසන්නේ මේ විශ්වකර්ම ශල්‍යකර්මය දිනක් වැනි කෙටි කාලයකින් නිමකළ හැකි වුවත් ඒ සඳහා විශාල පූර්ව සූදානමක් අවශය වන බවයි.

ඒ වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව තමන්ට 90%ක පමණ විශ්වාසයක් ඇති මුත් ශල්‍යකර්මයේ ඇති අවධානම් තත්වයත් නොසලකා හැරිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

තවත් වෛද්‍යවරු කණ්ඩායමකට මේ ශල්‍යකර්මය පිළිබඳව ඒ තරම් විශ්වාසයක් නොමැති වුවත් වැලරි නම් සිය ජීවිත අවදානම පවා නොතකා මේ ශල්‍යකර්මය පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇත. “මට මාගේ හිසට වෙනත් ශරීරයක් බද්ධ කිරීමට හැකිනම් මා දැනට සිටින තත්වයෙන් මිදී නිදහසේ තමන්ගේ වැඩකටයුතු කරගතහැකි වේවි”
ශල්‍යකර්මයේ පළමු පියවර ලෙස දායකයාගේ සිරුර සහ වැලරිගේ ශරීරය ශිතකරණයට ලක්කරනු ඇත. ඒ මොළයේ සෛල මියයාම වැළැක්වීම සඳහායි. අනතුරුව ගෙල අසලින් අර්ධ වශයෙන් වෙන්කර රුධිර නාල කෘතිම නල මඟින් දායකයාගේ සිරුරට සම්බන්ධ කෙරෙනු ඇත. ඒ වගේම මේ ශල්‍යකර්මයේ සෑම පියවරක්ම දැනට වෛද්‍ය විද්‍යාෙව් ප්‍රායෝගිකව හෝ න්‍යායාත්මකව භාවිතාවේ පවතින වෛද්‍ය තාක්ෂණය ඇසුරෙන් සිදුකෙරේ.

මොළයට සම්බන්ධ රුධින නාල ඉවත් කර කෘතිම නල මඟින් මොළයට රුධිරය සැපයීම දැනටත් බහුලව පිළිගත් වෛද්‍ය ක්‍රමයක් බව ස්නායු ශෛල්‍ය වෛද්‍ය Matthew Crocker ස්කයි නිවුස් වෙත පවසා සිටියා.
දෙවන පියවරේදී කශේරුකාව ඉතා තියුණු තලයකින් කපා වෙන්කරන්නේ හානිය අවමවන ලෙසයි. අනතුරුව හිස දායකයාගේ සිරුර හා සම්බන්ධ කරන්නේ කශේරාකා කොටස් දෙක පොලිතීන් ග්ලයිකෝල් වලින් සමබන්ධ කිරීමෙනි. තුන්වන පියවරේ දී සිදුකෙරෙනුයේ රුධිර නාලිකා සහ ස්නායු බද්ධ කිරීමයි. අනතුරුව සිරුර සති කිහිපයක් කෝමා තත්වයට පත්කර තබන්නේ කශේරුකාව හා රුධිර නාලිකා හොඳින් සම්බන්ධ වනතෙක් නොසෙල්වී තිබියු යුතු නිසායි.

මේ අපූරු විශ්මකර්ම ශල්‍යකර්මය 2017 වසරේදී සිදුකිරීමට නියමිතයි.

(techguru)

head2

head3

head1

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us