අනිත් අයට කෙළින් යන්න කියා තමන් අැදේට යන මන්ත්‍රී

Published in පුවත්
Wednesday, 10 June 2015 15:04

එජනිස කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී දෙ‍ාන් මහිමගේ පුෂ්පකුමාර සිය යතුරු පැදිය මත නැග මෙතෙක් ක්‍රියාත්මක නොවූ කහ ඉර පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීමේ උත්සාහයක අද(10) නිරතවුණි.

ඇතුල් කෝට්ටේ මැටි අම්බලම මංසන්දියේ පදික මාරුව කහ ඉර සහ පැරකුම්බා පිරිවෙන ඉදිරිපිට පදික මාරුව කහ ඉර මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබදව අවධානය යොමු කරන ලෙස ඔහු අදාල නිලධාරීන්ට බල කර සිටී.

කෙසේ වෙතත් ඔහු මෙම විරෝධතාව සිදු කරන්නේ ලියාපදිංචි නොකළ ඔහුගේ පෞද්ගලික යතුරුපැදිය මතටවීය. ඔහුගේ යතුරුපැදියට මාර්ගයේ යන එන වාහනයකට තිබිය යුතු මූලික සුදුසුකම හෝ ඔහු සපුරා නොමැති බව පහත ඡායාරූප වලින් පැහැදිලි වනු ඇත. මන්ත්‍රීවරුන්ට යතුරු පැදි ලබා දී දැන් මාස ගණනක් ගතවූවත් එය ලියාපදිංචි කර ගැනීමට ඔහුට අවශ්‍යතාවක් නොමැති වී ඇත. තමන්ගේ මන්ත්‍රීකම භාවිතා කර වාහන පදවන්නන් නිසා සිදු වන අපහසුතා එමටය. ලියාපදිංචි නොකළ යතුරුපැදිය මත සිට කහ ඉර පිළීබදව බලධාරීන්ගේ අවධානය ඉල්ලීම විහිළුවකි.

මෙම ස්ථානයේ රැදී සිටි ගම් වැසියෙක් පවසා සිටියේ මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියාකලාපය ඉදිරි මැතිවරණයේදී ඡන්ද ලබා ගැනීම සදහා වන සූදානමක ආරම්භය බවත් මාර්ග නීති කඩකරමින් අනිත් අයට බයිලා ගහන පුද්ගලයෙක් බවයි. මෙවැන්නන් පාර්ලිමේන්තුවට යැවීම පිළිබද සිතා බැලීමට මෙම සිදුවීමම ප්‍රමාණවත් බව තවත් පුද්ගලයෙක් පැවසුවේය.

DNP 5682

DNP 5685

DNP 5686

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us