උදාරිට උඩ යන්න අයිටීඑන් තල්ලුවක්

Published in පුවත්
Wednesday, 10 June 2015 14:18

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය වෙනුවෙන් වන සම්මානය සූරූපී නිළි උදාරි වර්ණකුලසූරිය මහත්මියට ලබා ගැනීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය අසාධාරණ ලෙස ප්‍රචාරක කටයුත්තක නියැලී සිටින බව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ බර පතල චෝදනාවක් එල්ල වෙමින් තිබේ.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වු ටෙලි නාට්‍යයක උදාරී රංගනයෙන් දායක වූ නමුත් ඇය ඒ වෙනුවෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබුණේ නැත. එම ටෙලි නාට්‍ය වෙනත් කිසිදු සම්මානයක් සඳහා නිර්දේශ වී නැති වීමද විශේෂ කරුණකි.

ජනප්‍රිය නිළිය සඳහා මත විමසීමේදී වඩා ඉදිරියෙන් සිටියේ මහේෂි මධුෂංකා නැමැති නවක නිළිය බව එම සම්මාන උළෙලේ ආරංචි මාර්ග පවසයි. එහෙත් ස්වාධීන රූපවාහිනී බලධාරීන් විසින් උදාරි වෙනුවෙන් විශේෂ ප්‍රචරක මෙහෙයුමක් ආරම්බ කිරීම නිසා ඇය මේවන විට ඉදිරියට පැමිණ තිබේ. රූපවාහිනී මාධ්‍ය ආයතනයකට තම ආයතනයේ විකාශය වූ නිර්මානයක් වෙනුවෙන් උනන්දුවක් දැක්වීමෙහි වරදක් නැතත් මහජනතාවගේ මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධයක් එසේ අනවශ්‍ය ලෙස සම්මානයක් වෙනුවෙන් මැදිහත් වීම සදාචාරාත්මක නැති බව ටෙලි නාටය ක්ෂේත්‍රයේ මතය වී ඇත. උදාරි රඟනයෙන් දායක වන ටෙලිය නිශ්පාදනය කර ඇත්තේ නිල්වලා ව්‍යාපාරයේ අධිපති උපුල් ජයසිංහ නැමැති ව්‍යාපාරිකයා විසින් වන අතර ඔහුට දේශපාලන අධිකාරියේ හා ස්වාධීන රූපවාහිනියේ සමීප සබඳතා ඇත්තෙකු බවද කියැවේ.


මේ අතර හොඳම නළුවා සම්මානයටද අසාධාරණයක් මැදිහත් වීමක් සිදුවන බව වාර්තාවේ. හොඳම නළුවා සඳහා නිර්දේශිත නම් හතර තුල සිටින පළපුරුදු නළුවකු වන ජනක් ප්‍රේමලාල් මහතාට එම සම්මානය ලබා දීම සඳහා විනිශ්චය මණ්ඩලයේ සිටින ජනක් ගේ සමකාලීන හිත මිතුරන් උත්සහ ගනිමින් සිටින බවත් වාර්තාවේ. එහෙත් ජනක්ට වඩා එකිනෙකා පරයා යන ඉහල රංගන ප්‍රතිභාවක් අනෙක් තරුණ නළුවන් තිදෙනා අතර තිබෙන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. 

Last modified on Wednesday, 10 June 2015 22:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us