ප්‍රවීණ රංගන ශීල්පි ජේ.එච්. ජයවර්ධන දිවියෙන් සමුගනී!

Published in පුවත්
Wednesday, 03 June 2015 11:09

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වූ ජේ.එච්.ජයවර්ධන ඊයේ (02) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.

වෘත්තීයෙන් රාජ්‍ය සේවකයෙකු වූ ජේ.එච්.ජයවර්ධන කලාවට සම්බන්ධ වන්නේ ගුවන් විදුලිය හරහාය. අධිෂ්ඨානය, හඳයා, දඩයම වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වය සපයා ඇති ජේ.එච්.ජයවර්ධන කැළණි පාලම, මකරාක්ෂයා වැනි වේදිකා නාට්‍යය වල ද රගපා තිබේ. ඔහු‍ගේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍යය වුයේ "සීගිරි නළඟන" නම් වු නාට්‍යයයි.


හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ ලොකු අප්පච්චි චරිතය රගපෑ ඔහු මෙරට ජනතාවගේ හදවතට සමීප වූ කලාකරුවෙකි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(04) පස්වරුවේ වැලිසර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us