වෙලේ සුදාව හොයලා දෙන්න, ජත්‍යන්තර පොලිසියට කියයි

Published in පුවත්
Monday, 28 July 2014 13:00

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්කුඩු සපයන ජී. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නොහොත් බඩෝවිට සුදාව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය, පාකිස්තාන පොලිසියේ හා ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි.

ඊයේ(27) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මේ බව පැවසීය.

වෙලේ සුදා වැඩි කාලයක්‌ පකිස්‌තානයේ ගැවසෙන අතර ඔහු ඇතැම් අවස්‌ථාවලදී රටින් රටට කට්‌ටි පනින බවට තොරතුරු ලැබී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පෙන්වා දෙයි.

එමෙන්ම මේ වන විටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලාඇළ ගුණා (සින්නයියා ගුණසේකරම්) ජාත්‍යන්තර පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර ඇත.

කිඹුලාඇළ ගුණා වැඩි වශයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ගැවසෙන අතර ඔහු පසුගිය කාලවලදී මෙරට පුද්ගලයන් හා දුරකථනවලින් කතාබහ කර ඇති බව වාර්තා වී තිබේ.

කෙසේ නමුත් මෙම මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන් දෙදෙනාම මෙරට දේශපාලකයන් කිහිප දෙනෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය බව හෙළිවී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us