නිදහස් මාධ්‍යයේ ලේකම්ට මරණ තර්ජන

Published in පුවත්
Monday, 28 July 2014 08:01

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී වන මෙන් මාධ්‍ය ආයතන වලට දැන්වීමෙන් අනතුරුව යම් කිසි පුද්ගලයකු තමාට දුරකතනයෙන් කතා කර ප්‍රවෘත්ති සාකච්ඡාව නොපවත්වන ලෙස මරණීය තර්ජන කළ බව සුනිල් ජයසේකර මහතා පැවසිය.

 


ඉරණම

ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම එල්ටීටීඊ ඩයස්පෝරාවට හා ශ්‍රී ලංකාවේ දෙමළ අන්තවාදයට කරන අනුග්‍රහයක් ලෙස හඳුන්වා ඇති තර්ජනය කළ පුද්ගලයා වැඩි දුරටත් කියා ඇත්තේ සාකච්ඡාව පැවැත්වුවොත් රටින් පිටවීමට පෙර අනෙකුත් මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම ඔහුටත් අත් වනු ඇති බවයි.

මාධ්‍ය හමුවෙන් අනතුරුවත් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ බව සුනිල් ජයසේකර මහතා කියා සිටියේය.

තර්ජනය කර පැමිණි දුරකථන ඇමතුම් හා ඒවායේ දුරකථන අංක ඇතුළුව මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් පොලිස්පතිවරයාට ලබා දෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us