විශාදයට විද්යුත් කම්පන ප්‍රතිකාරය නොමිළේ

Published in පුවත්
Monday, 28 July 2014 08:56

විශාදය රෝගයට (depression) විද්‍යුත් කම්පන ප්‍රතිකාරය නොමිලයේ ලබාදීමේ නවතම ක්‍රමවේදයක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ආරම්භ‍ කෙරේ.

මානසික රෝගීන් සඳහා වූ මෙරට තිබෙන එකම ශික්ෂණ රෝහල වශයෙන් මේ ප්‍රතිකාරය ආරම්භ කළ ප්‍රථම අවස්ථාව මෙය බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පැවැසුවේය.

ඖෂධය භාවිතයෙන් විශාදය රෝගය සුවපත් කිරීමට සති දෙක තුනක් ගත වුවත් විද්‍යුත් කම්පන ප්‍රතිකාරය ඔස්සේ දින දෙකක් වැනි කෙටි කාලයකින් රෝගය සුවපත් කළ හැකි බව ද ඒ මහතා කීය.

මේ ප්‍රතිකාරය ලබා ගැනීමට නේවාසිකව සිටීම අවශ්‍ය නොවන අතර එදිනම පැමිණ ප්‍රතිකාරය ලබාගෙන නිවෙස් කරා යාමේ අවස්ථාව ඇත.

රෝහලේ ස්ථාපිත මේ අංශය අලුතින් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියනයක් වැය වී ඇති අතර ඊ.සී.ජී. යන්ත්‍රයක් ඇතුළු නවතම වෛද්‍ය උපකරණවලින් එය සමන්විත වේ.

අලුතින් ඉදිකළ මේ අංශය කාමර කිහිපයකින් සහ වෛද්‍යවරයෙක්, නිර්වින්දන වෛද්‍යවරයෙක්, හෙදියන් දෙදෙනෙක්, සෞඛ්‍ය සහායකයන් දෙදෙනෙක් යන කාර්ය මණ්ඩලයෙන් සමන්විත බව ද අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

මෙරට ජනගහනයෙන් සියයට දෙකක් පමණ විශාදය රෝගයෙන් පෙළෙන බවත් සිතේ දුක, කනගාටුව, ජීවිතය එපා වීම වැනි රෝග ලක්ෂණ පැවැතීමෙන් විශාදය රෝගය හඳුනාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

විශාදය (depression) හදුනා ගනිමු

මානසික රෝග අතර ඉතා සුලභව දැකිය හැකි පීඩාකාරි අසහනකාරි රෝගයක් නම් විශාදයයි. මෙම රෝගයෙන් පෙලෙන පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පවා පෙලඹෙ. සිය දිවි නසා ගන්නා පුද්ගලයන්ගෙන් 15% පමන විශාදයෙන් පෙලි සිට ඇත.


විශාදය රෝගය වැලදි ඇති පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නේ 30% පමන සුලු පිරිසකි.70% පමන ප්‍රතිකාර ලබා නොගනි.රෝගය පිලිබද අවබෝධයක් තමාට හෝ පවුලේ අනෙත් අයට නොමැති වීම මෙ සදහා හේතු විය හැක.

මෙම රෝගය සදහා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවද ඇත. විශාද රෝගයෙහි ප්‍රධාන වශයෙන් දැකිය හැකි ලක්ෂණ තුනකි.

 

1-දිගින් දිගටම පවතින දුක
2-ශරිරයට දැනෙන අප්‍රාණික බව
3-සිතට සතුටක් නැති බව දැනීම


ආශ්‍රිත පුවත්

මානසික අවපීඩනය හෙවත් විශාදය

Last modified on Monday, 28 July 2014 09:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us