ලංකාවටත් භූකම්පන අවදානමක්

Published in පුවත්
Thursday, 14 May 2015 11:10

ඉන්දු - ඔස්‌ට්‍රේ‍ලියානු භූ තලය ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන අස්‌ථායි භූ තල විභේදන කලාපය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ දැවැන්ත භූ කම්පන සිදුවීමේ අවදානමක්‌ පවතින බව භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායක මහතා මාධ්‍යවෙත පවසා තිබේ.

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 500 - 700 අතර දුරකින් පිහිටි මෙම නවතම භූතල විභේදන කලාපයේ බලපෑම සුළුවෙන් තැකිය නොහැකි බව මහාචාර්ය සී. බී. දිසානායක අවධාරණය කරයි.

මෙම නවතම භූ තලය විභේදනය වීම ඇරඹෙන්නේ වසර මිලියන 50 කට පමණ පෙර සිට බවත් ඉදිරියටත් වසර මිලියන දහයක්‌ දක්‌වා පැවතිය හැකි බවත් ඔහු පවසයි. භූ තලය විභේදනය වීමට පෙර අස්‌ථායි භූ කලාපයක්‌ නිර්මාණය වෙනවා. එහිදී විශාල ප්‍රදේශයක්‌ පුපුරා ඉරිතලා යනවා. ඉන්දු - ඔස්‌ටේ්‍රලියානු භූ තලයේ මෙම ඉරිතැලීම් පටන්ගෙන ඉවරයි. ශ්‍රී ලංකාවේ කඳුකරයේ සිදුවන නායයැම්වලට මින් විශාල බලපෑමක්‌ ඇතිවිය හැකියි යනුවෙන් ඔහු සදහන් කරයි.

'නේපාලයේ සිදු වූ කම්පනය හේතුවෙන් ඉන්දියාව අභ්‍යන්තරයේ පීඩන ඇතිවෙන්න පුළුවන්. ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක්‌ ඇතිවිය හැකියි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නායයැම් ඉහළ යා හැකියි. ශ්‍රී ලංකාවේ භූමි කම්පා වෙන්නේ නැහැ කියලා අපිට සැනසිල්ලේ ඉන්න බැහැ. මොකද අතීතයේ විශාල භූමිකම්පා අපේ රටේ ඇතිවෙලා තිබෙනවා. 1615 අප්‍රියෙල් 15 වැනිදා සිදුවූ දැවැන්ත භූමිකම්පාවකින් කොළඹ නගරයේ 200 ක්‌ පමණ මියගොස්‌ ගොඩනැඟිලි රැසකට දැවැන්ත විනාශයක්‌ සිදුව තිබෙනවා. මෙම වාර්තා පෘතුගාලයේ සඳහන්ව තිබෙනවා' යනුවෙන් වැඩිදුරටත් කරුණු දක්වා අැත.

2012 වසරේ ඉන්දු-ඔස්‌ටේ්‍රලියානු භූ තලය ආශ්‍රිතව දැවැන්ත භූමිකම්පාවක්‌ සිදුවුණා. ඉදිරියේ දී මෙම භූ තල ආශ්‍රිතව දැවැන්ත භූ කම්පන සිදුවිය හැකියි. මේ දැවැන්ත භූ කම්පනයන්ට මුහුණ දීම සදහා දැන් සිටම ලංකාව සුදානම් වියයුතු බව සී. බී. දිසානායක මහතා සදහන්කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us