රටේ ව්‍යාපාර සිංහලයන්ට පමණයි,බොදු බලේ අලුත් සටනකට අර අදී

Published in පුවත්
Wednesday, 13 May 2015 09:51

මෙරට ව්‍යපාරික ක්ෂේත්‍රය සිංහල බෞද්ධයන් යටතට පත් කිරීම සඳහා බොදු බල සේනා සංවිධානය උත්සහයක් යළිත් ගනිමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් නිවේදයක් නිකුත් කොට ඇත

පසුගිය කාලයෙ මුස්ලිම් වෙළඳ හල් වලට පහර දීම පි‍ටුපසද බොදු බල සේනා සිටි බවට චෝදනා එල්ල විය.

එම නිවේදනය

ශ්‍රී ලංකාවේ සැබෑ භුමි පුත්‍රයින් වන සිංහල ජාතිය සතු ආර්ථික ශක්තිය දුර්වල කොට සමස්ත ලෙස සිංහල ජාතිය විනාශ කිරීම සඳහා විවිධ බලවේග හා කුමන්ත්‍රණ දැනට වසර පන්සියයකට පෙර සිට අධිරාජ්‍යවාදීන් විසින් ක්‍රියාත්මක කල අතර වර්තමාන ගෝලීය ආර්ථික පරිසරයක් තුල එම කුමන්ත්‍රණ විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමානයේදී ගෝලීය මුල්‍ය, දේශපාලන හා මාධ්‍ය ආදී වූ ගෝලීය බලවේග ක්‍රියාත්මක වන පරිසරයක් තුල “සිංහල ජාතිය” “ ගෝලීය වශයෙන් සුළුතර ජනවර්ගයක්” බවට පත් වෙමින් පවතී. එ අනුව සිංහල ජාතිය පසුගිය වසර 500 කට අධික කාලයක් මුහුණ දුන් අභියෝග, වර්තමානයේදී මුහුණ දෙන අභියෝග හා අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග හඳුනාගැනීමටත් , එ අනුව සිංහල ව්‍යාපාරිකයින්ට අවහිර වන ලෙස ක්‍රියාත්මක වන නීතිමය, පරිපාලනමය, දේශපාලනමය , මුල්‍ය ආදී වශයෙන් වන පාරිසාරික සාධක හඳුනාගැනීමටත්, සිංහල ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව හා දියුණුව සඳහා කලයුතු ව්‍යුහාත්මක වෙනස්කම් නිර්දේශ කිරීම සඳහාත් , සිංහල ව්‍යාපාරිකයින්ගේ නායකත්වය යටතේ සුළු ජන කොටස් වල ව්‍යාපාරිකයින්ට හා විජාතික ව්‍යාපාරිකයින්ට නිසි රැකවරණය හා අවස්ථා ලබා දෙන පරිසරයක් සඳහා යෝජනා ලබා දීමටත් ,හා අවසාන වශයෙන් සිංහල ව්‍යාපාරිකයින්ගේ ජාතික නායකත්වය යටතේ සිංහල ජාතියේ අභිවෘද්ධිය සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීම සඳහාත් “සිංහල ව්‍යාපාර පිලිබඳ ජනතා කොමිෂන් සභාව ” පිහිටුවා ක්‍රියාත්මක කිරීමට බොදු බල සේනා සංවිධානය කටයුතු කරන බව සියලු ශ්‍රී ලංකා වාසීන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙම කොමිෂන් සභාවේ කටයුතු 2015 ජුනි මස 1 සිට වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වනු අත. මෙම කොමිසම සඳහා සාමාජිකයින් 10 දෙනෙකු බොදු බල සේනා සංවිධානය විසින් පත් කරනු ලබන අතර ඉන් සුදුසු එක් අයකු සභාපතිවරයා ලෙසත් , තවත් සුදුසු අයකු ලේකම් වරයා ලෙස පත් කරනු ලැබේ.

මෙම කොමිෂන් සභාව මගින් පහත දැක්වෙන කරනු පිළිබඳව සොයා බැලීම සඳහා තොරතුරු එක්රැස්කිරීම , සාක්ෂි විමසීම සිදු කරනු ලැබේ.
· දැනට වසර පන්සියයකට පෙර සිට අධිරාජ්‍යවාදීන් විසින් සිංහල ව්‍යාපාර දුර්වල කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලද ක්‍රම වේද හඳුනා ගැනීම

· වර්තමානයේ ගෝලීය අභියෝග නිසා සිංහල ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීම

· සිංහල ව්‍යාපාර විනාශ කිරීමට හා දුර්වල කිරීමට සිදු කරනු ලබන අන්තවාදී කුමන්ත්‍රණ හඳුනා ගැනීම

· සිංහල ව්‍යාපාරිකයින්ට හානිකර ලෙස ක්‍රියාත්මක වන නීතිමය, දේශපාලනමය හා පරිපාලනමය ක්‍රියාකාරකම් හඳුනාගැනීම

· සිංහල ව්‍යාපාර විනාශ කිරීමට හා දුර්වල කිරීමට සිදු කරනු ලබන වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක් හඳුනාගැනීම

· විදේශ රටවල දේශීය ව්‍යාපාර රක ගැනීමට, ප්‍රධාන ජන වර්ගය ආරකෂා කර ගැනීමට හා ඔවුන්ගේ නායකත්වය යටතේ උප ජන වර්ගවලට සාර්ථකව ව්‍යාපාර කර ගැනීමට ඉඩ කඩ ලබා දෙන ආකාරය අධ්‍යයනය කිරීම


මෙම කොමිෂන් සභාව විසින් පහත ක්‍රමවේද මගින් උක්ත කරුණු පිළිබඳව තොරතුරු එක් රැස් කරනු ලැබේ.
· දිවයින පුරා පවත්වනු ලබන කොමිෂන් සභා රැස්වීම් වල සාක්ෂි විමසීම් මගින්

· කොමිෂන් සභා කාර්යාලවලට පැමිණ වාචිකව කරනු ලබන සාක්ෂි මගින්

· කොමිෂන් සභා කාර්යාලවලට ලිඛිතව එවනු ලබන නාමික හෝ නිර්නාමික ලේඛන පරික්ෂා කිරීමෙන්

· විදේශ වල සිටින ශ්‍රී ලාංකිකයින් වෙතින් ලබා ගනු ලබන තොරතුරු මගින්

· මාධ්‍ය වාර්තා, පොත්පත්, රජයේ ලේඛන, පාර්ලිමේන්තු අණ පනත්, ගැසට් නිවේදන ආදී ලේඛන පරිශීලනය කිරීමෙන්

· වෙනත් සුදුසු යැයි හැඟෙන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමෙන්

මෙම කරුණු එක්රැස් කිරීමෙන් පසු එම තොරතුරු පදනම් කොට සිංහල ව්‍යාපාර මුහුණ දෙනු ලබන අභියෝග පිළිබඳව කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබේ. එමෙන්ම සිංහල ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව හා දියුණුව සඳහා කලයුතු ව්‍යුහාත්මක වෙනස්කම් නිර්දේශ කිරීම සඳහාත් , සිංහල ව්‍යාපාරිකයින්ගේ නායකත්වය යටතේ සුළු ජන කොටස් වල ව්‍යාපාරිකයින්ට හා විජාතික ව්‍යාපාරිකයින්ට නිසි රැකවරණය හා අවස්ථා ලබා දෙන පරිසරයක් සඳහා යෝජනා ලබා දීමටත් ,හා අවසාන වශයෙන් සිංහල ව්‍යාපාරිකයින්ගේ ජාතික නායකත්වය යටතේ සිංහල ජාතියේ අභිවෘද්ධිය සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීම සඳහාත් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.

Last modified on Wednesday, 13 May 2015 09:54

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us