J.Rගේ ගැටේ මමයි අගමැතියි හොදි ඇගේ හලා ගන්නෙ නැතිව ලෙහුවා-ජනපති(audio/photos) Featured

Published in පුවත්
Thursday, 07 May 2015 11:35

මාධ්‍ය ජීවිතයේ 30වසරක අත්දැකීම් ඔස්සේ උපුල් ශාන්ත සන්නස්ගලයන් රචිත පොත් 15 ක් එළිදැක්වීම උත්සවය සන්න අරගලය නමින් ඊයේ(060) සවස පැවැත්වුණි.එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අගමැතිතුමා සහ තමන් ජේ.ආර්ගේ ගැටය හොදි ඇගේ හලා ගන්නේ නැතිව ලිහා ගත් බවය.

ජනපතිතුමා උපුල් ශාන්ත සන්නස්ගලගේ කෘතියක සදහන්වූ කාරණයක් මෙසේ උපුටා දැක්වූයේය.

''ලෝකයේ ලිහන්න බැරි ගැට දෙකක් තියෙනවා. එකක් ජේ.ආර්ගේ ව්‍යවස්ථා ගැටය. අනික හෝටල්වල හොදි දාන ග්‍රොසරි බෑග් ගැටය, ග්‍රොසරි බෑග් ගැයට එක්කෝ කඩා දැමිය යුතුය. නැත්නම් දත් ඇදි දෙකට මැදි කොට ඉරාදැමිය යුතුය.මේ කාරණා දෙකේදීම හොදි ඇගේ හලා ගැනීමට ඉඩ තිබේ. ජේ.ආර්ගේ ගැටය ලිහා ගැනීමට ගොස් උගුලට හසුවූ දේශපාලකයෝද, ගෙල සිරකර ගත් දේශපාලකයෝද,හොදි ඇගේ හලා ගත් දේශපාලකයෝද උගුරු දණ්ඩ කඩා ගත් දේශපාලකයෝද බොහෝය.''

මෙය ඉස්මතු කරමින් ජනාධිපතිවරයා පැවසුවේ හැබැයි මමයි අගමැතිතුමයි හොදි ඇගේ හලා ගන්නේ නැතිවම ජේ.ආර් ගේ ගැටය ලිහාගත්තා යනුවෙනි.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම උදෙසා උපුල් ශාන්ත සන්නස්ගල සැබෑ සටන් සගයෙකු වූ බවයි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මෙහිදී පළමු පොත් කට්ටලය ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/maithree-2015-05-06-160555{/soundcloud}

 

sannasgala-1

sannasgala-2

sannasgala-3

sannasgala-5

sannasgala-7

sa

Last modified on Thursday, 07 May 2015 21:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us