නිදහසේ යුගයක් බිහිවෙලා-අගමැති(audio)

Published in පුවත්
Thursday, 07 May 2015 10:26

ජනතාවට නිදහසේ ජීවත්විය හැකි වාතාවරණයක් රටතුළ උදාකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා පවසයි.මාධ්‍ය ජීවිතයේ 30වසරක අත්දැකීම් ඔස්සේ උපුල් ශාන්ත සන්නස්ගලයන් රචිත පොත් 15 ක් එළිදැක්වීම උත්සවයට ඊයේ (06) එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා මෙම අදහස් පළ කළේය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනවාරි 08 වන දින ජනතාව ලබා දුන් ජන වරම තුළින් රට තුළ නව දේශපාලන සංස්කෘතියක් බිහි වී ඇති බවයි.ඒ උදෙසා උපුල් ශාන්ත සන්නස්ගල මහතාද ‍උනන්දුවෙන් ක්‍රියා කළ බව ඔහු පැවසුවේය.

නිදහස් වාතාවරණයක් බිහි කිරීම උදෙසා වේදිකාවේ කතා කළ උපුල් ශාන්ත සන්නස්ගල දේශපාලන පොරපිටියට පැමිණෙනවාද නැද්ද කියා ඉක්මනින් තීරණය කරන ලෙසද අගමැතිවරයා පැවසුවේය.

නොමිලේ වයිෆයි ලබාදී තරුණයින්ට නිදහසේ කටයුතු කිරීමටද වර්තමාන ආණ්ඩුව අවස්ථාව සැළසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

අගමැතිවරයාගේ සම්පූර්ණ හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ranil2015-05-06-154921{/soundcloud}

 

Last modified on Thursday, 07 May 2015 10:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us