පෞද්ගලික අංශයේ වැ‍ටුප් වැඩිවීම හෙට සිට

Published in පුවත්
Thursday, 30 April 2015 18:44

 

අයවැයෙන් යෝජනා කෙරුණු පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම හෙට සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

 

ඒ අනුව පෞද්ගලික අංශයේ සියලූ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් දස දහසක් වන අතර අවම දෛනික වැටුප රුපියල් 400 ක්වේ. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩි කිරීමටද ඉකුත් අයවැයෙන් යෝජනා කෙරිණි. එහි පළමු පියවර වශයෙන් හෙට සිට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ දැනට පවතින වැටුප රුපියල් 1500 කින් වැඩි කරනු ඇත.

ඒ අනුව දෛනික වැටුප් ලබන සේවකයින්ගේ වැටුපද රුපියල් 60 කින් වැඩි කළ යුතු බව රජය පවසයි. දෙවන පියවර යටතේ වැටුප් වැඩිවීම ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන අතර එහිදී මේ වසරේ දෙසැම්බර් 31 වන දිනට ගෙවන ලබන වැටුප තවත් රුපියල් දහසකින් වැඩි කරනු ඇත.

 

ඉකුත් අයවැයෙන් යෝජනා කර ඇති ක්‍රමවේදය හා සමාන නීතියක් ගෙනඒමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අදාළ කාර්යය සදහා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම වෙනුවෙන් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවද තිබේ. ඉහත සදහන් යෝජනා ක්‍රියාත්මක කිරිම සදහා වන විධිවිධාන එම පනත් කෙටුම්පතට ඇතුළත් වන බව පැවැසේ.

 

Last modified on Thursday, 30 April 2015 19:00

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us