සෝමවංශ ජවිපෙන් ඉවත්වෙන්න පෙර ජනපතිට ලියුමක් දීලා

Published in පුවත්
Thursday, 23 April 2015 07:37

'රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඇති ප්‍රධාන තර්ජනය යටපත් නොකළහොත්, රටටත් ජනතාවටත් විජයග්‍රහණ ළඟා කරදෙන පාලනයක් කරා ගමන් කිරීමට ඔබට නොහැකි වනු ඇතැයි' අවධාරණය කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින 10කදී තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් භාරදුන් බව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එම පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (22දා) හෙළි කෙළේය.

එපමණක් නොව පසුගිය ජනවාරි 8 වැනිදා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු එදින එනම් ජනවාරි 19 දින සිට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවද එම ලිපියෙන් ජනාධිපති සිරිසේන මහතාට දැනුම් දුන් බවද සෝමවංශ අමරසිංහ මහතා හෙළි කෙළේය.

තමා සත්‍ය ලෙසම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූයේ ජනවාරි 19 වැනිදා බවත් එතැන් සිට අප්‍රේල් 16 දක්වා තමාට ගන්ධබ්බ අවධියක් ගෙවා දමන්නට සිදු වූ බවත් ජනාධිපතිවරයා ඇමැතූ ලිපිය තමා පක්ෂයේ සියලු සම්බන්ධකම් අත්හැර පෞද්ගලික නමින් භාරදුන් බවත් හෙතෙම පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදයට අද එල්ල වී තිබෙන අනතුර රටටත් ජනතාවටත් දිවි හිමියෙන් ආදරය කරන තමා බොහෝ කල් ඇතිව එනම් ආණ්ඩුවේ මුල් දින 10 තුළ දැක එදා එම පියවර ගත් බවද අමරසිංහ මහතා පැවැසීය.

ඉනික්බිතිව සිදුවූයේ කුමක්දැයි නුදුරේදීම ජනතාවට දන්වන බවත් තමා ජවිපෙන් ඉවත්වීම ගැන වැරැදි අර්ථකථන සපයන්නන්ගේ ක්‍රියා කලාපයෙන් ජනතාව නොමඟ යා හැකි බැවින් මේ ලිපිය එළි දක්වන බවත් සෝමවංශ අමරසිංහ මහතා පැවැසීය.

මෙය පළමු පියවර බවත් මේ සිදුවීම් පිටුපස ඇති සියලු තොරතුරු ඉදිරියේ මෙරට ජනතාවගේ දැන ගැනීම සඳහා දිගහරින බවත් සෝමවංශ අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

- mawbima

mawbima-somawansa

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us