මේ පිළිබඳ වූ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය(23) දා පැවැත්විණි.
Mercantile Cricket Association යනු මෙරට නවක ක්‍රීඩකයන් සඳහා පුහුණුව ලබාදෙන ප්රමුඛ පෙළේ ක්‍රිකට් ආයතනයකි. රටවල 150ක පමණ ක්‍රියාත්මක වන ලොව ප්‍රකට ඉදිකිරිම සමාගමේ අරමුණ වන්නේ නවක ක්‍රිකට් ක්‍රීඩකයන්ට අත දීම හරහා අනාගත ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමයි.
මෙම අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දැක්වූ ඉංජිනේරු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී Qian Haojun මහතා පැවසුයේ තම සමාගමේ ප්‍රධාන දර්ශනය වන්නේ අදහස් නිර්මාණය කිරීම තුලින් සිහින වලට ලගාවීම වීම වන බැවින් ලාභ ලැබීම පමණක් නොව මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් තම සමාගමේ බලාපොරොත්තුව වන බවයි.
එමෙන්ම මෙම අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් Mercantile Cricket Association හි සභාපතිවරයා වන ඈෂ්ලි රත්නායක මහතා පවසා සිටියේ මෙම ලද අනුග්‍රාහකත්වය ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම තම ආයතනයටත් ඉතා අගනා අවස්ථාවක් බවයි.
මෙම අනුග්‍රාහකත්වය යටතේ අගෝස්තු 09සිට 24දක්වා වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති අතර මේ සඳහා වයස් කාණ්ඩ දෙකෙන්ම කණ්ඩයක්ම් 48ක් පමණ සහභාගී වීමට නියමිතව ඇත.