මහින්ද රැක ගන්න ‍ගෝලයෝ බිම වාඩි වෙති

Published in පුවත්
Monday, 20 April 2015 13:05

මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශණ ඒකකයට කැඳවීමට විරෝධය දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමෙන්තු සභාගර්භයේ බිම වාඩිවී විරෝධයක නිරතවූහ.

හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසට කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමක් බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට කැඳවීම් කිරීම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවත් අදාළ මන්ත්‍රීවරුන් සඳහන් කරන බව වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි කෑ කෝ ගසමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ වාඩිවූ අය අතර සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, උදිත ලොකුබණ්ඩාර, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ යන අයද විය.

හිටපු ජනපතිවරයාට එළැඹෙන 24දා ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස දන්වා ඇත.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us