උදයංගගේ කෙරුම් හොයන්න පොලිස් කණ්ඩායමක් යුක්‍රේනයට!

Published in පුවත්
Sunday, 19 April 2015 11:05

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් යුක්‍රේනයේ කැරලිකරුවන් සමඟ හොර අවි ජාවාරමක නිරතව සිටි බවට යුක්‍රේන රාජ්‍ය බලධාරීන් විසින් සිදු කරනු ලැබු පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් හා රජයේ නියෝජිතයන් කිහිප දෙනෙකු නුදුරේම යුක්‍රේනය බලා යාමට නියමිතය.

මේ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන යුක්‍රේන තානපති නිළධාරියාවන ඉන්දියාවේ යුක්‍රේන තානපති ඔලෙක්සැන්ඩර් ශෙව්ෂින්කො සමඟ සාකච්ඡා කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ඔහුට ශ්‍රී ලංකාවේ සංචාර්යකටද ආරාධනා කර ඇත.

ඒ කෙසේ නමුත් උදයංග වීරතුංගට එරෙහිව ඇති අනෙක් චෝදනා වන කූප්‍රකට මිග් 27 යානා ගනු දෙනුව සම්බන්ධයෙන්ද මේවන විට ඉහළ මට්ටමේ පරීක්ෂණයක්ද සිදුවෙමින් තිබේ.

මෙරට ගුවන් හමුදාවට මිග් 27 යානා 4 මිළ දී ගැනීමේ තැ‍රැව්කරුවා ලෙස උදයංග වීරතුංග විසින් බ්‍රිතාන්‍යයේ ලිපිනයක් සහිත ව්‍යාජ සමාගමක්(Bellimissa Holdings Ltd 2nd Floor, 145-157 St John Street, London. ) ඉදිරිපත් කර මිලියන් ගනනක කොමිස් මුදලක් උපයා ගැනීමට උත්සහ කිරීම ඔහුට ඇති චෝදනාවය. එමෙන්ම මෙම මිග් යානා 4 රුසියානු ගුවන් හමුදාව විසින් පාවිච්චියෙන් ඉවත් කළ ඒවා වූ අතර එය මිළයට ගනු ලැබුවේ නියමිත වටිනාකම මෙන් දෙගුණයක ට ආසන්න මුදලකට බවත් හෙළිව තිබේ. මෙම ගනු දෙනුවේ වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 14.6 ක් විය.


එමෙන්ම රුසියානු තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයකු ලෙසද උදයංගගේ ව්‍යාපාර හවුල්කරුවකු ලෙසද කටයුතු කළ නොයෙල් රණවීර නැමැත්තාගේ මරණය සැක සහිත බවට එම ඥාතීන් එල්ල කරන චෝදනාව අනුව ඒ පිළිබඳ පරීක්ෂනයක්ද මේවන විට පැවැත්වේ.


උදයංග වීරතුංග රුසියාවේ තානාපතිධුරයට පත් කරන ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ය. ඊට එකම සුදුසුකම වූයේ ඔහු ගේ ඥාතිත්වයය. ඒ වන විට උදයංග යුක්‍රේනයේ කාන්තාවකගේ සහයෙන් යුක්‍රේන අගනුවර වූ කිව් නගරයේ ආපන ශාලාවක් පවත්වාගෙන යාම සිය ජීවිකාව කොට ගත් අයෙකි. උදයංග මේවන විට අතුරුදහන්ව සිටින බවත් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us