බන්ධනාගාර රැඳවියන්ටත් අවුරුදු

Published in පුවත්
Monday, 13 April 2015 09:24

බන්ධනාගාර ‍රැඳවියන්ට ද සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව උදාකැර දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා අැත.

සියලුම නැකැත් වේලාවන් අනුගමනය කරමින් බන්ධනාගාරය තුළ හෙට (14) අවුරුදු චාරිත්‍ර ඉටුකෙරෙන අතර එදින බන්ධනාගාර රැඳවියන්ට විශේෂ දිවා ආහාර වේලක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.

මෙයට අමතරව අද (13) සහ හෙට (14) බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන්ට එම රැඳවියන්ව හමුවිය හැකි විශේෂ පවුල් හමුවක් ද පැවැත්වේ.

බන්ධනාගාර ‍රැඳවියන්ගේ අවුරුදු උත්සවය මෙම 19වැනි දා බන්ධනාගාර ක්‍රීඩාංගනයේ දී අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, බන්ධනාගර, කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්ප්කුමාර මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

රැදවියන් එකසිය පස් දෙනෙකු අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරීම සදහා තාවකාලික නිවාස නිවාඩු ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කලේය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us