රටේ යහපාලනය තහවුරුවූ බවට හොදම නිදසුන19 ගැන උසාවියේ තීන්දුව

Published in පුවත්
Saturday, 11 April 2015 09:13

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය යහපාලනය රටේ තහවුරු වී ඇති බවට හොදම සාක්ෂිය බවත් එය කියවිය යුත්තේ මීට මාස කිහිපයකට පෙර පැවැති භයංකර තත්ත්වය හා සසඳමින් බවද බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.

ඒ මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ නිවේදනයක මේ බව සඳහන් වේ.


එම නිවේදනය පහත පරිදිය.


බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය ගරු කරු ජයසූරිය මැතිතුමා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය යහපාලනයේ රටේ තහවුරු වී ඇති බවට කදිම සාක්ෂියකි. එය පැහැදිලිවම මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනතාවය පෙන්නුම් කරන්නකි. සැබැවින් ම අප මේ තීරණය දෙස බැලිය යුත්තේ, එය කියවිය යුත්තේ මීට මාස කිහිපයකට පෙර රටේ පැවැති භයංකාර තත්ත්වය සමග සසඳමිනි. මෙහි වටිනාකම වඩාත් ඉස්මතු වනුයේ එවිටය.

පැහැදිලිවම, මෙම තීන්දුව යහපාලනය තව තවත් තහවුරු කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කරා රට රැගෙන යාමකි. ජනවාරි 08 වැනි දින පැවැති ජනාධිපතිවරණයේ දී ජනතාව ඉල්ලා සිටියේ මෙබදු වෙනසක් බව රහසක් නොවේ. මේ රටට ශාපයක් ව පැවැති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමාජගත කළ ප්‍රධාන කාරණාවක් විය. මේ ඉටු වෙමින් පවතිනුයේ එම අරමුණ කරා යන ගමනේ එක් යෝධ පියවරකි. ශිෂ්ට ලෝකය තුල ඉදිරි ගමනක් යෑමට නම් මෙබඳු සාධනීය ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණයන් රටක සිදු වීම අනිවාර්ය ය. එසේ නොකර, තම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කර, ජනතා නිදහස, මාධ්‍ය නිදහස කප්පාදු කර, ශිෂ්ට වටිනාකම්වලට ගරු නොකර, ජාත්‍යන්තරයේ විශ්වාසය රටකට දිනා ගත නොහැකිය.

ජනාධිපතිවරණ අවස්ථාවේ දී දින 100යේ වැඩ පිළිවෙල යටතේ 19 වැනි සංශෝධනය වැනි අතිශය ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ පිළිබද අප අවධාරණය කර සඳහන් කර සිටියේ එබැවිනි. ඒ නිසාවෙන් ම දින 100 යේ වැඩ පිළිවෙල මහ පොළොවේ ඇත්තක් බවට පත් කිරීම අප සැම හමුවේ ඇති ප්‍රධානතම වගකීමකි. අනෙක් අතට, එය ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ පොරොන්දු ඉටු කිරීමකි. වත්මන් රජයේ පසුගිය දින 95 ක ක්‍රියාකාරීත්වය දෙස ආපසු හැරී බැලීමේ දී එදා මීට මාස 03 කට පෙර අප පොරොන්දු වූ බොහෝ දෑ මේ වන විටත් ඉටු කර අවසන් ය.

ගඟවල් හෝ ඇලවල් නොමැතිව පාලම් හැදීමට පොරොන්දු වූ නිර්ලජ්ජිත, හුදු බල තණ්හාව පමණක් පදනම් කරගත් දේශපාලන සංස්කෘතිය අප මේ වන විට ආපසු හරවා තිබේ. විශේෂයෙන් ම ලේ බිඳක් හෝ නොසෙල්වා ඒකාධිපති වියරුවක් පරාජයට පත් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව දෙස අද ලෝකය යහපත් ලෙස බැලීමට හුරුව සිටී. ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් යුතු අප රජය මේ වෙනස සිදු කළේ ව්‍යාජ දේශප්‍රේමීත්වය අලෙවි කරමින් පපුවට ගසා ගනිමින් නොව, වෘත්තිමය භාවයක් සහිතව සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස කටයුතු කරමිනි.

මේ කෙටි කාලය තුල මේ සමාජයේ සිදුව ඇති වෙනස පිලිබඳව අප අනිවාර්යයෙන්ම තෘප්තිමත් ය. නමුත්, තවත් කළ යුතු දෑ බොහෝ තිබේ. ජනතා ශක්තියත් සමගින් ඒ සියල්ල යථාර්තයක් බවට පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ අපේ බලාපොරොත්තුව ය. එබැවින්, උදාවන සිංහල හා හින්දු අළුත් අවුරුද්දේ දී අපේ අධිෂ්ඨානය විය යුත්තේ ශිෂ්ට වටිනාකම් ගරු කරන නීතීගරුක පරමාදර්ශී රාජ්‍යයක් මේ රට තුල තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ නම ප්‍රජාතන්ත්‍රීය ලෝකය තුල ඉහළින්ම තහවුරු කිරීමය. ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයත්, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් අත්වැල් බැඳ ගන්නා යළිදු සහතික වන්නෙමු.

2015. 04. 10

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us