අමු මිරිස් කිලෝව රු-700/- සිට රු- 800/-දක්වා මිලකට මේ වනවිට වෙළදපොළේ අලෙවි වන අතර කාසි සංසරණයේද දැඩි මාරුකාසි හිගයක් පවතී.
ඉතිරි මුදල් වෙනුවට දීමේදී එක් මිරිස් කරලකට රුපියලක් වැනි මිලක් නියම වී තිබේ. රුපියල, රුපියල් දෙක, රුපියල් තුන, රුපියල් හතර සහ රුපියල් පහ යන මාරු කාසි සදහා මෙලෙස අමුමිරිස් කරල් ලබාදීම සිදුකෙරේ.
පාරිභෝගිකයන් මාරුකාසි වෙනුවට ටොපියක් වැනි දෙයක් ලබාගැනීමට අකමැති නිසාත් මුදලට සරිලන ලෙස මිරිස් කරල් ලබාදෙන බව වෙළද සැල් හිමියෝ පවසති.
(ලංකා සි නිව්ස්)