ජානිපෙ දේශපාලන තීන්දුවක් ගන්නවා ලු !

Published in පුවත්
Thursday, 24 July 2014 10:21

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වී පසුගියදා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර මහතාට නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට නාමයෝජනා ලබාදුනහොත්, තම පක්ෂයට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා මෙන්ම නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාද දැනුවත් කර ඇති බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසිරි විජේනායක මහතා සඳහන් කළේය.

මෙවර ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයේ දේශපාලන මණ්ඩලය ලබන සතියේදී රැස්වී තීරණය කරන බවද ඔහු කියා සිටියේය.

ඌව පළාත් සභාව විසුරුවා හැරීමට පෙර පැවති අවසන් පළාත් සභා සැසිවාරයේදී නිදහස් පක්ෂයට එකතුවූ ඩබ්ලිව්.ඒ. උදය කුමාර හිටපු මන්ත‍්‍රීවරයා 2009 පැවති ඌව පළාත් මැතිවරණයට මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් තරඟ කර මනාප 24 750 ක් ලබාගත්තරය. ඔහුට එහිදී සන්ධාන ලැයිස්තුවේ හිමිවුණේ 8 වන ස්ථානයයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us