විදුලි මණ්ඩලයේ මුල් මාස 4 අලාභය රු. බිලියන18යි

Published in පුවත්
Thursday, 24 July 2014 09:57

වසරේ මුල් මාස 4 තුළ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18 යි දශම 6 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇති බව මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් වසර මැද නිකුත් කළ රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් හෙළිවේ.

විදුලිබල අංශයේ රාජ්‍ය ආයෝජනය පළමු මාස 4 තුළ රුපියල් මිලියන 957 ක් බව එම වාර්තාවේ දැක්වේ.

රුපියල් මිලියන 534 ක මුදලක් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ගෙවීම් සඳහාද පැරණි ලක්ෂපාන, නව ලක්ෂපාන සඳහා අනෙකුත් බලාගාර පුනරුත්ථාපනය සඳහා වැයවී ඇති බව මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.

වසරේ මුල් මාස 4 තුළ සියයට 50 ක්ව පැවති ජල විදුලිබල උත්පාදනය සියයට 19 යි දශම 5 දක්වා පහත වැටී ඇත.

පසුගිය වසරේ විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 17 යි ශත 70 ක මුදලක් වැයවූ අතර එය මේ වනවිට රුපියල් 24 යි ශත 37 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව වසරේ මුල් මාස 4 තුළ මූල්‍ය ආයතන සඳහා නොපියවූ බැංකු ණය වශයෙන් රුපියල් මිලියන 44 340 ක හිඟ මුදලක් පවති.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතා ගෙන් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, වසරේ මුල් මාස 4 තුළින් පමණක් ලාභ අලාභ තීරණය කළ නොහැකි බවයි.

(හිරු එෆ් එම් )

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us