ඩී.සී.ඩී. අඩංගු කිරිපිටි තවමත් වෙළඳපොලේ

Published in පුවත්
Thursday, 24 July 2014 08:41

පසුගිය වසරේ (2013) සිට මේ දක්‌වා ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බව තහවුරු වූ කිසිදු ආනයනික කිරිපිටි තොගයක්‌ මෙතෙක්‌ වෙළෙඳපොළින් ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට බලධාරීන් පියවර ගෙන නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ (23 දා) පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා විනාශ කරනු ලැබූ බවට ප්‍රකාශ කළ කිරිපිටි මෙට්ට්‍රික් ටොන් 124.4 ක ප්‍රමාණය විනාශ කරන ලද්දේ ඒවා කල් ඉකුත්ව තිබීම නිසා මිසක ඩී.සී.ඩී. රසායනිකය අඩංගුවීමක්‌ නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය මත මෙරටට ආනයනය කරනු ලැබූ හා කරනු ලබන කිරිපිටි වර්ගයක ඩී.සී.ඩී. අඩංගු බව තහවුරු වුවද ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීම හෝ විනාශ කිරීමක්‌ සිදු නොවන නිසා එම කිරිපිටි නැවත පාරිභෝගිකයා අතට පත්වීමේ ඉඩකඩ පවතින බව හෙතෙම සඳහන් කළේය.

කිරිපිටි හා කිරි ආහාර වර්ගවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු දැයි පරීක්‍ෂා කර බැලීමට දැනට පවතින ක්‍රමවේදය ගැටලු සහගත බවත් කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් මෙම වසරේදී ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට තහවුරු කරනු ලැබූ වෙළෙඳපොළෙහි පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකට්‌ 1455 ක්‌ ඩී.සී.ඩී. වලින් තොර බව සිංගප්පූරුවේ රසායනාගාරයක්‌ මගින් සහතික කර ඇති බවත් උපුල් රෝහණ මහතා පැවැසීය.

කිරිපිටි හා කිරි ආහාර වර්ගවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු දැයි පරීක්‍ෂා කර බැලීමේ රසායනාගාර පහසුකම් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවටද ලබා දීමට පියවර ගන්නේ නම් එය වඩාත් ඵලදායි වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us