ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අදාළ ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
2006 වසරේදී සිදුවූ මෙම මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ගෙන්ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය 27 වැනිදා ප්‍රකාශයක් ලබා ගත්තේය.