වතුකරයේ වැඩ වර්ජනය කරමින් එම සාමාජිකයින් මෙම උද්ඝෝෂණයට සහභාගිවී සිටියි.
මෙවැනි සිද්ධීන් හෙලාදකින බවත් තරාතිරම හෝ ජාතිය නොබලා මොහුව වහාම අත් අඩංගුවට ගන්නා ලෙසද මෙම උද්ඝෝෂකයින් ඉල්ලා සිටියි.
ළමා දූෂණයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත් අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතුකර ඇති බවත් අතවරයට ලක්වූයේ යැයි කියන පාසැල් දැරිය මේ වන විට රත්නපුර මූලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවත් කහවත්ත පොලීසිය පවසයි.
(ඡායාරූප - නෙත්Fm)