කන්කසන්තුරේ හැදුවේ සුද්දන්ට නවතින්න මන්දිරයක් - මහින්ද

Published in පුවත්
Thursday, 05 March 2015 15:32

පසුගිය රජය සමයේ යාපනයේ ඉදිකළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් බවත් එය මන්දිරයක් නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරතවන විදෙස් තාන්ත්‍රිකයින්ට අවශ්‍ය සම්මන්ත්‍රණ ශාලා පහසුකම් මෙම ශාලාව තුළ ස්ථාපිත කර ඇති බවත් උතුරු නැගෙනහිර සංචාරයක නිරත වන විදෙස් තාන්ත්‍රිකයින්ට නවාතැන් ගැනීමට පහසුකම්ද මෙම සම්මන්ත්‍රණ ශාලාව තුළ ස්ථාපිත කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

එම සියලු නවීන පහසුකම් සහිත මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිකිරීමට කැබිනට් අනුමැතියද හිමි වූ බවත් එය ජනාධිපති මන්දිරයක් බවට ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු නොකරන ලෙසත් එම නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත් යාපනය, කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති එම ජනාධිපති මන්දිරය, පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වූ බව මාධ්‍ය වාර්තා කළේය.

එම ඉදිකිරිම් සදහා මේ වන විට වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 250ක් බවද වාර්තා විය.

එහෙත් උතුරේ යුද්ධය නිසා නිවාස අහිමි වූ එකදු පුද්ගලයකු වෙනුවෙන් හෝ නිවාසයක් තනා දීමට මහින්ද රාජපක්ෂ පාලනය අසමත් විය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us