ලංකාව චීනයට කෝටි 67000ක් ණයයි

Published in පුවත්
Tuesday, 03 March 2015 11:05

ශ්‍රී ලංකාව චීන රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ණයක් (කෝටි 67000) පවතින අතර ඒ සියලු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ චීන සංචාරයේදී, චීන රජයෙන් ලබාදුන් ණය පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කළ අතර එයට ප්‍රතිචාරයක් වශයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ඉහත ප්‍රකාශය කළ බව 'රොයිටර්' පුවත් සේවය ඊයේ (02දා) වාර්තා කළේය.

ණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද ඉදිරියේදී චීන සංචාරයක නිරතවීමට නියමිත බව එම පුවත් සේවය වාර්තා කළේය.

ද්විපාර්ශ්වීය අන්‍යෝන්‍ය ප්‍රයෝජනය යන මූලධර්මය යටතේ ලබාගත් මෙම ණය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපකාරී වනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුආ චුයිනින්ග් ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us