පිල්ලේගේ කමිටුව ස්ථාන 3ක සිට වැඩ අරඹයි

Published in පුවත්
Sunday, 20 July 2014 20:52

ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංගනය කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ විමර්ශන කමිටුව ස්ථාන 3ක ස්ථාපනය වෙමින් විමර්ශන ඇරඹීමට තීරණය කර තිබේ.

එහි වාර්තා දක්වන පරිදි අමෙරිකාවේ නිව්යෝර්ක්, තායිලන්තයේ බැංකොක් හා ස්විට්සර්ලන්තයේ ජිනීවා යන නගරවල රැඳෙමින් විමර්ශන කිරීමට අපේක්ෂිතය.

මෙහිදී සජීවී සාක්ෂි ලබාගත හැකි ස්කයිප් වැනි නව තාක්ෂණික ක‍්‍රම මගින් සාක්ෂි හා තොරතුරු ලබාගැනීමට එම කමිටුව අපේක්ෂා කරයි.

ශ‍්‍රී ලංකාවේ අවසන් ගැටුම් සමයේ 2009-2011කාලය තුළ එල්ටීටීඊ සංවිධානයේ සහ මෙරට හමුදා මගින් සිදුවූ බවට ජාත්‍යන්තර චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් එහිදී විමර්ශන සිදුකිරීමට අපේක්ෂිත ය.

මෙම විමර්ශනය සඳහා එක්සත් ජාතීන්ගේ මාන හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් පත්කරන ලද 12දෙනකුගෙන් යුත් විමර්ශන කමිටුවට මෙරට තුළට පැමිණ විමර්ශනය සිදුකිරීමට මෙරට රජය දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම කමිටුව මෙම පියවර ගෙන තිබේ.

Last modified on Sunday, 20 July 2014 23:05

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us