විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මීට අමතරව මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.බී. තෙන්නකෝන් මහතා, පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් එක්වීමට නියමිතය.
එම පොලිස් කොට්ඨාශය ස්ථාපිත කිරීමෙන් අනතුරුව එම ස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද කටයුතු යොදා අැත.