අගමැතිතුමාගේ කමිටුවෙ ඉන්නෙත් චීන කොම්පැනියෙම කෙනෙක්

Published in පුවත්
Thursday, 26 February 2015 10:24

චීන ආධාර යටතේ කොළඹ ගාලු මුවදොර ඉදිවෙමින් පවතින පෝර්ට් සිටි (Port City ) ව්‍යාපෘතිය පිළිබඳ ව සොයාබැලීමට පත් කර ඇති කමිටුවේ සිටින මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන්ත හෙට්ටිආරච්චි මහතා මෙය ඉදිකරන චීන සමාගම් වලද පරිසර උපදේශකයෙකු ලෙස කටයුතු කරන බව පරිසර සංවිධාන චෝදනා කරයි.

එසේ වූ කළ කිසිසේම පරිසර හිතකාමී වාර්තාවක් සකස් වේදැයි යළිත් සිතා බැලිය යුත්තක් බවද ඔවුන් පෙන්වා දෙයි. ඊයේ(26) පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කලේය.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ මැතිවරණ වේදිකාවල මාතෘකාවක්වූ "පරිසර හිතකාමී නොවන වරාය නගරය" නතර කිරීම මැතිවරණයේ වේදිකා වල සටන් පාඨයක් පමණක් බව කෙමෙන් පැහැදිළි වන බවද පරිසරවේදීහු පෙන්වා දෙති.

බලයට පත්වීමට පෙර මෙම ව්‍යාපෘතිය රටට අහිතකරයි යැයි එවකට පොදු අපේක්ෂකව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටියේනම් එය නතර කිරීමට තවමත් ප්‍රමාද ඇයි දැයි ඔවුන් ප්‍රශ්න කරයි.

වරාය නගරයෙහි හෙක්ටෙයාර 233 කොටස් දෙකකට බෙදා ඉන් 170 ක් විකිණිය හැකි ඉඩම් ලෙසත්, තවත් හෙක්ටෙයාර 63ක් පොදු පහසුකම් සඳහා සංවර්ධනය කරන ඉඩම් ලෙසත්, නම් කොට ඇති බව පෙන්වා දෙන පරිසරවේදීහු හෙක්ටෙයාර 170 න් 108 ක ඉඩම් ප්‍රමාණය චීනයට ලබා දී ඇති අතර එයින් හෙක්ටයාර් 20 ක් සින්නක්කරත් 88 ක් 99 අවුරුදු බදු ක්‍රමයටත් ලබාදි ඇති බවත් සදහන්කර සිටියේය.

එමෙන්ම මෙරටට ඉතිරිව තිබූ හෙක්ටෙයාර 62 කල පසුගිය දිනවල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී ඔවුන්ට බලා දීමට එකඟ වී ඇති පියවර ගෙන ඇති බවද ඔවුන් හෙළිදරව් කළේය.

stop-port-sity

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us