ගෝල්ඩන් කී තැන්පත් මුදල් දින 100ට පෙර

Published in පුවත්
Tuesday, 24 February 2015 07:50

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් දින සීයය නිමවීමට පෙර ලබාදීමට හැකිවනු ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබාදීමේ ක්‍රමවේදය ලබන සිකුරාදා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රමුඛ මහ බැංකු නිලධාරී හමුවේදී සැකසීම සිදු වනු ඇතැයිද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

මුදල් ඇමැතිවරයා හා ‍ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ හමුවක් ඊයේ (23) උදේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. එම හමුවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඇමැතිවරයා පසුගිය රජයේ ආර්ථික කළමනාකරණ ක්‍රමයේ තිබූ වැරදි අඩු පාඩු නිසා මූල්‍ය ආයතන කඩා වැටුණා. ඒ නිසා මූල්‍ය ආයතනවල තැන්පත්කරුවෝ අමාරුවේ වැටුණා. අපි මේ ආයතන ප්‍රධානීන් හා තැන්පත්කරුවන් හමු වී මේ ගැන කථා කළා.

තැන්පත්කරුවන්ගේ මුදල් නිසි ක්‍රමවේදයක් අනුව ආපසු ගෙවන්න සූදානම්. අපි ඒ අනුව නඩු මගට උසාවි යන්න ඕනෑ නැහැ. ඉතා සුහදව කතා බහ කර මේ ප්‍රශ්නය විසඳ ගන්න මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, එහි නිලධාරීන් සහ සියලු දෙනා පියවර ගන්නවා.

‍ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ සමඟ පැවැති සාකච්ඡාවේදී විශාල පිරිසක් මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමවේදයට එකඟ වූ අතර ඒ පිළිබඳ ඔවුන් සෑහීමකට පත්වී තිබෙනවා.

මේ අයගේ මුදල් ආපසු ලබා දෙන්න බැරි නිසා ප්‍රශ්නය උග්‍ර වුණා. නමුත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මේ ප්‍රශ්නය විසඳනවා කිව්වා. ඒ වගේම නව රජය පිහිටුවා අපි ඒ දේ ඉටු කළා යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්වරු එක්ව සිටියහ.

 

- dinamina

Last modified on Tuesday, 24 February 2015 07:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us