ITN ඉඩම විකුණයි

Published in පුවත්
Saturday, 19 July 2014 21:40

ආයෝජකයන්ට විකිණීම සඳහා කොළඹ නගරයේ ස්ථාන විස්සක ඇති ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවි ඇති අතර එහි විශේෂත්වය වන්නේ කොළඹ ටොරින්ටන්හි පිහිටි ස්වාධීන රූපවාහිනී සංස්ථාවට අයත් ඉඩම ද පවරා ගැනීමට නියමිත වීමය.

අක්කර තිහකට ආසන්න එම ස්ථාන විස්සෙහි පිහිටි ඉඩම්, නිවාස, සංචාරක කටයුතු, වාණිජ කටයුතු හා මිශ‍්‍ර සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයන්ට ලබාදීමට නියමිතය.

මෙසේ පවරා ගැනීමට නියමිත බොහෝ ඉඩම්වල දැනට ජනතාව පදිංචිව සිටින අතර සමහර ඉඩම් රාජ්‍ය ආයතනවලට අයත්ය. පවරා ගැනීමට නියමිත ඉඩම් සමහරක් පදිංචිකරුවන් එම ස්ථානවලින් මීට පෙර බලහත්කාරයෙන් ඉවත් කර ඇත.

කැබිනට් පති‍්‍රකාව අනුව කියන්නේඅඩු ආදායම් ලාභීන්ට නිවාස ඉදිකිරීම සඳහා වන පිරිවැය උපයා ගැනීම සඳහා මෙම ඉඩම් අවශ්‍ය බව හා අදාළ ඉඩම් මුදල් අයකිරීමකින් තොරව රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය අනුව නිදහස් දීමනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියට පවරා දෙන ලෙසයි.

මෙම කැබිනට් පති‍්‍රකාව ජුලි 17 දින කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබුණු අතර මේ සම්බන්ධයෙන් විමසීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතාව දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

(රාවය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us