දුමින්දව අත් අඩංගුවට ගෙන නිදහස් කරලා ?

Published in පුවත්
Saturday, 14 February 2015 16:28

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 10 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව පළමු වරට කැඳවූ බවට මාධ්‍ය වාර්තා පළ වුවද සැබවින්ම සිදුව ඇත්තේ එදින උදැසන 7 ට පමණ එම දෙපාර්තමේන්තු නිළධාරීන් දුමින්ද සිල්වාගේ නිවසට ගොස් ඔහුව අත් අඩංගුවට ගැනීම බව වාර්තාවේ.

එමෙන්ම ඔහුව එලෙස අත් අඩංගුවට ගැනූනේ කට උත්තර ගැනීමේන් පසුව සවස නිදහස් කර ගැනීමට නොවන බවත් අධිකරණයට ඉදිරිපත් කර රිමන්ඩ් බන්ධනාගාර ගත කිරීමට බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එහෙත් පසුව දේශපාලන අධිකාරියෙන් එල්ලවූ බලපෑම මත ඔහුව එදිනම සවස මුදා හැරීමට සිදුවූ බවත් පැවසෙන අතර එදින පොලිස් මාධ්‍ය ප්‍රකාකාශකවරයා කටඋත්තර ගැනීම අවසන් වීමටත් පෙර දුමින්ද සිල්වා මහතා පැය 6 කින් මුදා හරින බව පැවැසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු වේ එම පරීක්ෂණ පවත්වනු ලබන නිලධාරීන්ගේ දැනුම්වත් භාවයෙන් තොරව බවත් වාර්තාවේ.

කෙසේ නමුත් මේවන විට පැහැදිලිව පෙනෙනෙන්නට තිබෙන කරුණු අනුව දුමින්ද සිල්වා මහතාට එරෙහිව බරපතල චෝදනා කිසිවක් එල්ල නොවන අතර එම පරීක්ෂණද දියාරු වෙමින් වෙනත් ඉසව් කරා ඇදෙමින් පවතී.

මේ අතර දුමින්ද සිල්ව මහතාගේ සොහොයුරා එජාපයෙන් දේශපාලනයට පිවිසීමට උත්සහ ගනිමින් තිබෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කැමැත්තද හිමිව ඇති බව පැවසේ.

පසුගිය ජනාධිපතිවරන සමයේදී ආණ්ඩුවෙන් ඉවත්ව එජාපයට එක්වීම සඳහා දුමින්ද සිල්වා මහතා කැමැත්තෙන් සිටියද පළාත් සභා මන්ත්‍රීණී හිරුණික ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ හා විශේෂයෙන්ම රාජපක්ෂ විරෝධී පාක්ෂිකයන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එජපය දුමින්ද සිල්වාව සිය පක්ෂයට එක්කර ගැනීමෙන් වැලකිනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us