දින සියයට සහාය දෙනවා-බෑන්කි මුන්

Published in පුවත්
Saturday, 14 February 2015 13:58

නව රජය ගෙන යන දින සියයේ වැඩ පිළිවෙලට සහයෝගය ලබා දෙන බව ජගත් මහලේකම් බෑන්කි මුන් මහතා පවසයි. වගවීම සහ සංහිදියාව පිළිබඳ මුල්තැනක් ලබාදී කටයුතු කීරීමට සූදානම් බව ජගත් මහ ලේකම්වරයා පෙන්වා දේ.

ඊයේ (13)අමරිකාවේ, නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී් මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී මහලේකම්වරයා මේ බව පවසා ඇත. එම හමුවේදී වගවීම සහ සංහිදියාව පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට මුල්තැනක් දී තිබූ අතර මානව හිමිකම් පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

මේ අතර එළැඹෙන මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ශී‍්‍ර ලංකාව පිළිබඳ වාර්තාව නියමිත පරිදි ඉදිරිපත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු පවසා ඇතැයි අමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශිකා ජේන් පසාකි පවසා ඇත. මෙම වාර්තාව ඉදිරිපත් කිරීම කල්දැමීමට ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු වූවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ තීන්දුව අවසාන තීන්දුව බැවින් ඔහුගේ ක‍්‍රියාවලිය පිළිබඳ නියත විශ්වාසයකින් යුතුව සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත. තත්ත්වය කෙසේ වුවද ශ‍්‍රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය අනිවාර්යයෙන්ම ලැබෙන බවත් ඇය පෙන්වා දී තිබේ.

මේ අතර ශ‍්‍රී ලාංකිකයින්ට මෙන්ම මෙරට ජනතාවටද මේ වන විට දීප්තිමත් මොහොතක් ගත වෙමින් ඇති බව අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග වොෂින්ටනයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇත. නව රජයේ දින සියයේ වැඩ පිළිවෙළ පිළිබඳ ඉතා උනන්දුවෙන් යුතුව බලා සිටින බවත්, එය සාර්ථක කර ගැනීම සඳහා සුභාසිංශන මෙන්ම සහයෝගය ලබා දෙන බවත් ඔහු පවසයි.

පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ශ‍්‍රී ලංකාව නව දිශානතියකට යොමු කිරීමට පෙළැඹීමට ලද වරමක් ලෙස ඔහු පෙන්වා දී ඇත. මෙරට සංචාරයක් සඳහා ආරාධනා කරනු ඇතැයිද තමන් විශ්වාස කරන බවද ඔහු පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us