දුමින්දගේ අයියා රෙනෝ, ස්වර්ණවාහිනියේ බුද්ධික එජාපයෙන් මහ මැතිවරණයට Featured

Published in පුවත්
Saturday, 14 February 2015 12:01

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද ආර් ද සිල්වා මහතාගේ වැඩිමහල් සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රෙනෝද සිල්වා මහතා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිය මාධ්‍ය ආයතන සමබරව පවත්වාගෙන යාමට ද ඔහු කටයුතු කර තිබිණි.

එමෙන්ම ස්වර්ණවාහිණී ආයතනයේ බුද්ධික කුලසූරියද මහනුවර දිස්ත්‍රික්කයෙන් එජාපයෙන් නාමයෝජනා අපේක්ෂවෙන් පසුවන බව ඔහු සිය හිතවතුන් සමඟ පවසා ඇත. ඒ සම්බන්ධයෙන් ඔහුගේ හිත මිතුරන් විමතිය පල කරද්දී ඔහු පවසා ඇත්තේ 'මහින්ද ඉන්නකොට අපි මහින්දට' දැන් රනිල්ට බවය. පසුගිය පාලන සමයේදි ඔහු මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටි බව ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ නමුත් බුද්ධිකට මහනුවර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා දීම ගැන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැඩි විරෝධය පළ කර ඇත. ඔහුගේ චෝදනාව වී ඇත්තේ බුද්ධික එජාප සාමාජිකයකු හෝ එජාපයේ හිතවතකු නොවන බවත් පසුගිය කාලය පුරා සන්ධාන රජය වෙනුවෙන් පෙනී සිටියකු බවය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us