වෙල්ගම, අගලවත්ත රැළියට දුම්රියෙන් ලක්ෂ 50 ක් වැය කරලා

Published in පුවත්
Thursday, 12 February 2015 14:06

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අගලවත්තේදී, පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ඡන්ද ප්‍රචාරක රැළියේ වේදිකාව සදහා දුම්රිය දෙපාර්තමේන්තුව ලක්ෂ 50ක් වැය කර අැති බවත් ඒ සදහා සියලු වියදම් සිදුකර අැත්තේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයෙන් බවත් දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ සම කැදවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේය.

දුම්රිය වෘත්තීය සමිති සංවිධානය අද (12) මරදානේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය රාජපක්ෂ අාණ්ඩුව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදු කළ දූෂණ වංචා පිළිබද හෙළි කිරීමක් සිදු කළේය.

මෙහිදී අදහස් දක්වමින් විතානගේ මහතා වැඩිදුරටත් පැවසුවේ,

එම වේදිකාව සදහා ලක්ෂ 5ක මහෝගනී ලෑලි රත්මලාන වැඩබිමෙන් රැගෙන ගොස් අැති අතර අවශ්‍යකරණ යකඩ සහ අනෙකුත් යන්ත්‍ර සූත්‍ර පවා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සපයා අැති බවය.


එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අැමති රෝහණ දිසානායක WP PC 2430, TATA SENARO ඩබල් කැබ් රථයක් පාවිච්චි කළ බවත් මීට වසර දෙකකට පෙර ඔහුට මෙය ලබා දී අැති අතර තවමත් එය අාපසු භාරදීමක් සිදු කර ෙනාමැති බවත් ඔහු පැවැසීය.

කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් යුතුව ජනාධිපතිවරණය සදහා දෙපාර්තමේන්තු සේවකයින් 700 ක් නීතිවිරෝධී හා අනියම් අාකාරයෙන් ඡන්ද වැඩවලට යොදවා ගෙන අැති බවද අනාවරණය කළේය.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලහත්කාරයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන අැති බවත් එල්පින්ස්ටන් රගහල ඉදිරිපිට අැති අක්කර 29 රූට් 2 ක් වන ඉඩම කිසිදු අවසරයකින් තොරව කැබිනට් පත්‍රිකාවක් මගින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන අැත.ඔවුන් මෙසේ හිතුමනාපයට වටිනා ඉඩම් මංකොල්ලකෑමේ අරමුණ වන්නේ ඒක් සමාජ මට්ටමක සිටින සුඛේපභෝගී දිවිපෙවෙතක් ගත කරන ජනතාවට තව තවත් සුඛ විහරණය සැපයීම සදහා හෝටල් පහසුකම් තැනීම බව වෘත්තීය සමිති සංවිධානයේ සම කැදවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේය.

දෙමටගොඩ තිබූ දුම්රිය සේවකයන් 205 කගේ තට්ටු නිවාසයක් කඩා ඔවුන් ඉන් එළියට අැද දමා එය අක්කර 3 ක හිස් මුඩු බිමක් බවට පත් කරන ලද්දේ කාල්ටන් පාසලක් සදහා ලබා දීමට බව දුම්රිය වෘත්තීය සමිති සංවිධානය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව පැවසුවේය.

පසුගිය රජය යටතේ සිටි අමාත්‍යවරයා කළ සිදුවූ දූෂණ ක්‍රියා කිහිපයක් පමණක් අද දින මෙසේ හෙළි කළ බවද ලබන සතියේ මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපා්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ සම කැදවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ නියෝජිතයින් රැසක්ද සහභාගිවී සිටියේය.

funt

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us