උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව් විජේසිංහ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරියට උපදෙස් ලබා දී ඇති බවය.
ඇය විශ්වවිද්‍යාල පාලක සභා නියෝජිතයින් වෙත එම තීරණය පිළිබඳව දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ වනවිට සෑම විශ්වවිද්‍යාල පාලක සභාවක් සඳහා උප කුලපතිවරයා ඇතුළු විශ්වවිද්‍යාලයේ විවිධ මට්ටම්වල නිලධාරීන්ට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ද නියෝජිතයින් පිරිසක් පත් කරන අතර ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී අැත.
පාලක සභාවලට නුසුදුසු පුද්ගලයින් පත් කිරීමෙන් පසුගිය කාලයේ විශ්වවිද්‍යාල තුළ විවිධ දේශපාලන මැදිහත්වීම් සිදු වූ බව මහාචාර්ය රජීව් විජේසිංහ මහතා සඳහන් කළේය.
මෙය විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය කටයුතුවලට මෙන් ම සිසුන්ගේ ක්‍රියාකාරකම්වලට ද අහිතකර බලපෑම් ඇති කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.