ස්වර්ණවාහිණිය මෛත්‍රීපාලනයට යටවෙයි. සේවකයන් 4ක් දොට්ට

Published in පුවත්
Wednesday, 04 February 2015 16:04

ඊඒපී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිණී රූපවහිනී ආයතනයේ සේවයන් 4 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව ආයතන තුල අදහස් දැක්වීම හේතුවෙන් එම ආයතනයෙන් නෙරපා දමා ඇතැයි වාර්තාවේ.

ස්වර්ණවාහිනියේ 'ඒහිපස්සිකෝ ' නම් වැඩ සටහනේ නිශ්පාදකයා හා සහය නිශ්පාදකයා ග්‍රැ‍ෆින් නිර්මාණ ශිල්පිනියක හා ප්‍රධාන පාලක මැදිරියේ සේවකයකු ඒ අතර වේ.

මම පිරිස හා ආයතනයේ ප්‍රධාන පරිපාලන නිළධාරියා වන බුද්ධික කුලසේකර සමඟ පසුගිය ජනාධිපතිවරණය සමයේදී පැවැති රාජපක්ෂ පාලනය වෙනුවෙන් ආයතනය තුල ප්‍රසිද්ධියේ පෙනී සිටියද රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුව කුලසේකර මහතා මෛත්‍රීපල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත් විය.

කෙසේ නමුත් පසුගිය සතියේදී කුලසෙකර මහතා හා ආයතනයේ ප්‍රධානීන් සෙසු සේවකයන්ට සේවකයන්ට පවසා ඇත්තේ අපි දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බවත් ආයතනය තුල රාජපක්ෂවරු වෙනුවෙන් කතා කල නොහැකි බවත්ය. එවැනි තත්වයක් ඇති වුවහොත් සේවයෙන් ඉවත් කරනු ලැබු සේවකයන් සිව් දෙනාට අත්වූ ඉරණම අත් විය හැකි බවත් පවසා ඇත.

ඊඒපී සමුහ ව්‍යාපරයට අයත් මූල්‍ය සමාගම් පසුගිය කාලයේ තැන්පත්කරුවන්ට ආපසු ගෙවීම කළ නොහැකි තරමට දැඩි මුල්‍ය අර්බුදයන්ට ගොදුරුව තිබුණ අතර ඒ වෙනුවෙන් ස්වර්ණවාහිණී ආයතනය විකුණා දැමීමේ සූදානමක්ද පැවැතියේය.

මෙම අර්බූදයන් වසාගෙන එන ව්‍යාපාරික ආයතනය පවත්වගෙන ගියේ රාජපක්ෂවරුන්ට සහය දැක්වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කරුණකි.

Last modified on Wednesday, 04 February 2015 16:05

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us