දේශපාලන අනාථයන්ගේ පෙරමුණ හෙට පිහි‍ටුවනවාලූ

Published in පුවත්
Tuesday, 03 February 2015 11:37

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකවරයා කරවීම වෙනුවනේ එන හෙට(05) නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය වී ඇති බව විමල් වීරවංශගේ සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ වාසුදේව නානායක්කාරගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම දේශපාලන පෙරමුණට එක්ව සිටියි. ‘මහින්දාගමනයට ඔබ සූදානම්ද?’ යන මැයෙන් දැනටමත් මෙකී පක්ෂ මහජන රැස්වීම් මාලාවක් පවත්වාගෙන යයි.

කෙසේ නමුත් මෙම නව දේශපාලන පෙරමුණට සම්බන්ධවීම මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙන මෙම දේශපාලන ආනාථයන් සූදනම් වන්නේ මහින්ද රාජපක්ෂ නම විකුණාගෙන නව පෙරමුණක් අටවාගෙන ඊට මුහුණ දීමටය.

පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේ වීරවංශ, වාසුදේව හා දිනේෂ් හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි. එහිදී නව දෙශපාලන පෙරමුණක් පිහි‍ටු වීමද පිස්සු වැඩක් යැයි මහින්ද රජපක්ෂ පවසා තිබුණි. එහෙත් තමන්ගේ දෙශපාලන ජීවිතය අවසන් කෙරෙන තින්දුවක් නොගන්න ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම නව දේශපාලන ව්‍යාපාරයට මහින්දගේ නම විකුණාගෙන කෑමට ඔහු විසින් ඉඩ දී තිබෙන බව පැහැදිලිය.

සැබැඳි පුවත්:

අලුත් පක්ෂයක් හදන්න පිස්සුද ? විමල්-වාසු-දිනේෂ් තුන් කට්‍ටුව මහින්දගෙන් අහගනී

මහින්ද අගමැති සිහිනය අත හරියි !

Last modified on Wednesday, 04 February 2015 17:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us