අලුත් පක්ෂයක් හදන්න පිස්සුද ? විමල්-වාසු-දිනේෂ් තුන් කට්‍ටුව මහින්දගෙන් අහගනී

Published in පුවත්
Sunday, 01 February 2015 23:05

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර නාමයෝජන ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් එකතු කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩ නැගීමට ගත් අවසන් උත්සහයත් අද අසාර්ථක වී තිබේ.

පසුගියදා ප විසින් හෙළිකළ පරිදි මේ වන විට මහින්ද රාජපක්ෂ නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගීමේ අදහස අත් හැර තිබිණි. එහෙත් මේ සඳහා යළිත් වරක් මහින්ද රාජපක්ෂ මුණ ගැසී කරුණු පැහැදිලි කිරීමට විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර හා දිනේෂ් ගුණවර්ධන අද දින පස්වරුවේ තංගල්ලේ මහින්ද රාජපක්ෂගේ නිවසට ගොස් තිබේ.

මෙහිදී නව දේශපාලන පක්ෂයක් ගොඩනගා ඡන්දයකට ඉදිරිපත්වීම ඇපත් නැතිවෙන වැඩක් බව මහින්ද රාජපක්ෂ නැවත වරක් මොවුන්ට පැහැදිලි කර දී තිබේ. පවතින තත්වයන් මත සියයට 10 කවත් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිව තිබියදී අලුත් දේශපාලන සන්ධාන හදන්න පිස්සුදැයි මෙම පිරිසෙන් හිටපු ජනාධිපතිවරයා විමසා ඇත.කෙසේ නමුත් මෙම පිරිස රාජපක්ෂ මහතාට ඇවිටිලි කර ඇත්තේ තමන්ගේ දේශපාලන ජීවිතය මෙයින් අවසන් වීමට ඉඩ නොදෙන ලෙසය.

 

සැබැඳි පුවත් : මහින්ද අගමැති සිහිනය අත හරියි !

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us