ගෝඨා සහ සමාගම් බේරාගැනිමට ආණ්ඩුවේ උත්සාහයක්

Published in පුවත්
Tuesday, 27 January 2015 16:16
ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ නැවැත්වීම සදහා පැවති ආණ්ඩුවේ පිරිසක් බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.  හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණද නවාතා ගැනීමේ උත්සහයක් පවතින බවත් ඒ සදහා  ජනාධිපති නීතිඥයෙකු නීතිපතිට බලපෑම් කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වන දූෂණ විරෝධි පෙරමුණ බව පවයි.
 
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් විසින් සිදු කරනු ලැබූ රක්නා ලංකා හා ඇවන්ගාඩ් දුෂිත ගණුදෙනුවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කිරීම වැලැක්වීම සදහා බලවත් දේශපාලන කණ්ඩායමක් කටයුතු කරමින් සිටීන බව දුෂණ විරෝධී පෙරමුණ  අවධාරණය කර ඇත.
 
දූෂණ විරොධී පෙරමුණ  මේ සම්බන්ධයෙන් අවධාරණය කල කරුණු පහත පලවේ.
දේශපාලන ක්‍රියාකාරිකයින් පිරිසක් ද ඇතුලත් මෙම කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුඵ කණ්ඩායමට එරෙහිව මේ වන විට ආරම්භ වී ඇති පරීක්ෂණ කඩාකප්පල් කොට නීතිය ක්‍රියාත්මකවීම වලක්වා ගැනීම.
 
ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිට නීතිඥ උපදෙස් ලබා දීමට ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.    මේ වන විට රාජ්‍ය මාධ්‍ය ආයතන පවා යොදා ගනිමින් හිටපු නාවුක හමුදා නිලධාරීන් ද මෙයට එක් වී ඇත.
 
එම කරුණ සත්‍ය නම්, ආරක්ෂක අමාත්‍යාංශයේ  හිටපු නිලධාරීන් සහ ඔවුන්ගේ සමීපතම ජාවාරම්කාරයින් බේරා ගැනීමට මේ වන විට දියත්ව ඇති වැඩපිළිවෙළෙහි ඇති ප්‍රබලත්වය අවබෝධ කොට ගත හැකි වනු ඇත.
 
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් ද, ඇවන්ගාඩ් ආයතනයට ද එරෙහි නීති මගින් කටයුතු කිරීම වැලැක්වීමට ගන්නා කුමන හෝ උත්සාහයක් පරාජය කළ යුතු බව දුෂණ විරෝධී පෙරමුණ දැඩිව අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us