මෙම අමාත්‍යාංශය විසින් මෙලෙස විවිධ වැඩසටහන් සහ සාද වෙනුවෙන් අසීමිත ලෙස මුදල් වියදම්කොට ඇති අතර එම අමාත්‍යාංශය විසින් පසුගිය වසරේ නත්තල් සාදයක් සඳහා රුපියල් ලක්‍ෂ 11 කට අධික මුදලක් වැය කර තිබේ.
භික්‌ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිනැමූ සාංඝීක දානයක් සඳහා රුපියල් ලක්‍ෂ 15 ක් වියදම් කර ඇති අතර අමාත්‍යාංශයේ කටයුතු ප්‍රචාරය කිරීම වෙනුවෙන් මිලියන 250 ක් සහ පවත්වනු ලැබූ ගායන තරු තේරීමේ තරගයක් සඳහා රුපියල් මිලියන 350 ක පමණ මුදලක්‌ද වියදම් කර ඇත.
අමාත්‍යාංශය විසින් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම සම්බන්ධව වත්මන් රජය විශේෂ කමිටුවක් පත්කොට විමර්ශනය කටයුතු සිදු කරමින් පවතී.