මගේ ග්‍රහයා නරක් වුණා - තිස්ස

Published in පුවත්
Monday, 26 January 2015 07:48

"පසුගිය ආණ්‌ඩුවට එක්‌වීමට ගත් තීරණය ගැන මා අද දුක්‌ වෙනවා. නරක ග්‍රහ බලපෑමක්‌ නිසා එහෙම සිදු වෙන්න ඇතැයි විශ්වාස කරනවා" යැයි එජාප හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා දිවයින පුවත්පත ඊයේ (25 දා) කළ විමසුමකට පිළිතුරු දෙමින් සඳහන් කර ඇති අතර අත්තනායක මහතා තවදුරටත් තමන් එජාප මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ත් පවසයි.

ජනාධිපතිවරණයෙන් පසු තමා හදිසියේම සිංගප්පූරුවට ගොස්‌ පැමිණි බවත්, ඒ ගමන ගැනද ඇතැම් පුද්ගලයන් ජනතාව නොමඟ යවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවත් හෙතෙම කීය.

මෙහිදී දිවයින නැගුව ප්‍රශ්න කිහිපයක්‌ සහ අත්තනායක මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

 

ප්‍රශ්නය - ඔබ කාලාන්තරයක්‌ තිස්‌සේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉඳලා ඇයි මේ වගේ තීරණයක්‌ ගත්තේ...?

පිළිතුර - මම ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේ නැහැ. ඒත් මම හිතනවා මට නරක ග්‍රහයෙක්‌ ලබන්නට ඇති.

ප්‍රශ්නය - ඔබ එජාපය අත් නොහැර හිටියා නම් අද ප්‍රබල ඇමැතිවරයෙක්‌ වෙන්න තිබුණා.

පිළිතුර - ඒ ගැන මට හරියට කනගාටුයි. ඒත් ඉදිරියේ දී ගන්නා ක්‍රියා මාර්ග ඔබට කියන්නම්.

ප්‍රශ්නය - ඔබ දේශපාලනය අත්හරිනවාද?

පිළිතුර - අපොයි නැහැ.



අහසේ ග්‍රහයන් ගැන තිස්ස අත්තනායක මෙසේ පැවැසූවද ඔහුට මේ ඉරණම අත්වූයේ ඔහු වටා කැරකැවුනු නීච දේශපාලන ග්‍රහයන් නිසා බව පැහැදිලි සත්‍යයයි. විශේෂයෙන්ම ඔහුව මුලා කළ ප්‍රබල ග්‍රහයෙයෙකි, මව්බිම මුදලාලි ටිරාන් අලස්.

Last modified on Monday, 26 January 2015 08:00

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us